Wednesday, 11 December 2013

මහින්දානන්ද ගේ බිරිඳ පොලිස් ආරක්ෂාව පතයි

මහින්දානන්ද ගේ බිරිඳ පොලිස් ආරක්ෂාව පතයි

තම ජීවිතය, සැමියා වන ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ නිසා අනතුරට පත්ව ඇති බවත්, තම ජීවිතයට යම් අනතුරක් වුවහොත් එය ඔහු නිසා සිදුවන්නක් බවත් එහෙයින් තමාට ජීවිත ආරක්ෂාව සපයන මෙන් ඉල්ලා මහින්දානන්ද අළුත්ගමගේ ගේ බිරිඳ වන අශා විජයන්ති විසින් පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා ඇත. 

ඇය එක් වරක් නොව දෙවරක්ම තම ජීවිතය රැකදෙන්නයි ලිපි යවමින් ඉල්ලා ඇත. 

අමාත්‍යවරයාගේ බිරිඳ අශා විජයන්ති ඇමතිවරයාගෙන් දික්කසාද වීම සඳහා අධිකරණයේ නඩු පවරා ඇතිඅතර ඇය එහිදී වන්දි ලබාගැනීම සඳහා ඇමතිවරයාගේ වත්කම් දේපොළ තොරතුරු අධිකරණයට ලබා දී ඇත. 

මෙම වත්කම් වල තොරතුරු ඒ ආකාරයෙන්ම අල්ලස් කොමිසමට ලැබීම හේතුවෙන් අල්ලස් හෝ දුෂණ කොමිසමෙන් මහින්දානන්ද අමාත්‍යවරයාට කොමිසමට පැමිණෙන්නැයි දැනුම් දී ඇත. 

අල්ලස් හෝ දුෂණ කොමිසමට වත්කම් හෙලිකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය බිරිඳව සැක කරන අතර එහෙයින් මෙසේ මරණ තර්ජන එල්ලව තිබේ. නමුත් අමාත්‍යවරයාගේ බිරිඳ වත්කම් අල්ලස්කොමිසමට හෙළිකිරීමේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කොට ඇත. 

මේ අතර මහින්දානන්ද අළුත්ගමගේ එම වත්කම් ඉපයූ ආකාරය පිලිබඳ සවිස්තර ලිපියක් ලක්බිම ඉරිදා පුවත්පතේ පලවී තිබු අතර ඒ හේතුවෙන් තිලංග සුමතිපාල මෙන්ම එම පුවත්පතේ ප්‍රධාන කතෘවරයාද අමාත්‍යවරයාගේ උදහසට ලක්ව සිටී. 

මහින්දානන්ද අළුත්ගමගේ සිය බිරිඳගෙන් දික්කසාද වුවාට පසු නැවත විවාහ වීමට සූදානම් වන්නේ අගමැතිවරයාගේ දියණියක සමග බව වාර්තා වේ.

No comments:

Post a Comment