සූදුපොළ වැටලූ පොලීසිය මාරු කළ "හුලා" නැමැත්තෙක් හඳුනාගන නෑ- අගමැත
කවුද මේ හුලා?-අනුර
අපි දන්නේ නෑ- අගමැති
කොළඹ නගර ශාලාව අසල පිහිටි මහා පරිමාණ සූදු පොළක් වැටලීමෙන් පසු ඊට සම්බන්ධ වූ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 23 දෙනකු මාරු කර යැවුණා.
මේ සම්බන්ධයෙන් අනුර කුමාර මංත්‍රීවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබුණේ මෙම සූදු පොළ වැටලීමට සම්බන්ධ වූ නිළධාරීන් මාරු කර යැවීමට ආණ්ඩුවේ "හුලා" නම් පුද්ගලයෙකු සම්බන්ධ බවට මාධ්‍ය වල පලවී තිබෙන බවයි.
"මේ සම්බන්ධයෙන් මාධ්‍ය ක්ෂේත්රයේ ප්රබලව කතා බහට ලක්ව තිබුණේ "හුලා" නැමැත්තෙක් මේ මාරු කිරීම් පිටුපස සිටින බවයි, බූරු පිටියක් වටලන එක වලක්වපු බූරුවා කවුද කියලා ඊයේ ඇමතිවරයෙක් ඇහුවා. ඒ බූරුවා තමයි මේ.
මේ තත්ත්වය තුළ විශේෂයෙන් පොලිස් සේවය තුළත් පොදුවේ රාජ්‍ය සේවය තුළත් තහවුරු වනු ඇත්තේ අවංකව රාජකාරී කරන පොළිස් නිලධාරීන් පළිගැනීමට ලක්වන බවයි. මෙම නිළධාරීන් විසින් සිදු කරන ලද එම සූදු පොල වැටලීම හේතුවෙන් මෙම මාරු කිරීම හුදු දේශපලන බලයෙන් සිදුකරන ලද්දක් බව පේනවා ඉතා පැහැදිලිව" යනුවෙන් ප්‍රකාශ කළ මංත්‍රීවරයා විසින් පහත ප්‍රශ්න අසා තිබුණා.
ඒවාට අගමැතිවරයා විසින් පිළිතුරු ලබා දී තිබුනේ මෙලෙසින්.
සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාශය හැරෙන්නට අදාල සිදුවීමට පෙර පොලීසියේ වෙනත් අංශයක් විසින් මෙම සූදු ඔට්ටු ඇල්ලීමේ ස්ථානය වටළනු ලැබ තිබේද? තිබේනම් ඒ කවර දිනවලද?
ඔව්. මෙම ස්ථානයට මීට පෙර අවස්ථා හතරකදී පොලීසියේ වෙනත් අංශ මඟින් වැටලීම් කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත. සංවිධානාත්මක අපරාධ හා දූෂණ දූෂණ මර්ධන කොට්ඨාශය මඟින්ද මීට පෙර එක් අවස්ථාවකදී වැටලීම් සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
දැනට විසුරුවා හැර ඇති සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාශය නැවත ස්ථාපිත කරලීමට කටයුතු කරන්නේද? එමගින් ආරම්භ කර ඇති නඩු කටයුතු බිඳ නොවැටීමට වගබලා ගන්නේද?
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසිරුවා හැරීමක් සිදුකර නොමැති අතර එහි අධ්යක්ෂවරයා ස්ථානාධිපතිවරයා හා සෙසු තවත් නිළධාරීන් සුපුරුදු පරිදි රාජකාරී කටයුතු වල යොදවා ඇත. 2013.11.06 දින ස්ථාන මාරුවීම් ලබා ගිය නිළධාරීන් වෙනුවට නව නිළධාරීන් වශයෙන් පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂක වරයෙක්, පොලිස් සැරයන් නිළධාරීන් දෙදෙනෙක්, හා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් අනුයුක්ත කොට ඇත. ඉදිරියදී තවත් නිළධාරීන් අනියුක්ත කර තවදුරටත් මෙම කොට්ඨාශය ශක්තිතිමත් කිරීමට කටයුත් කරනු ලැබේ.
ස්ථාන මාරුකිරීම් වලට ලක්කළ පොලිස් නිලධාරීන්ගේ මාරුකිරීම් අවලංගු කිරීමට කටයුතු කරන්නේද?
නැත. ස්ථාන මාරුවීම් සිදුකරණු ලැබුවේ නිළධාරීන්ගේ රාජකාරු අසතුටු හා අකාර්යක්ෂම මට්ටමක පැවති නිසා බැවින් එම ස්ථාන මාරු අවලංගු කරණු නොලැබේ. මෙම නිළධාරීන්ගේ කාර්යක්ෂමතාවය ඉතා පහල මට්ටමක පැවතීම නිසා එහි සිටි නිළධාරීන් 23 දෙනෙකු මාරු කර යවන ලෙස නිර්දේශිත විස්තරාත්මක වාර්තාවක් 2013.10.24 දින ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව පොලිස්පතිවරයා විසින් 2013.10.27 දින අනුමැතිය ලබාදී ඇති අතර එම නිළධාරීන් 23 දෙනා වෙත. 2013.11.06 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබාදී ඇත.
සලාකා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය කැසිනෝ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථානය වැටලූ පොලිස් නිලධාරීන් මාරුකිරීමට මැදිහත් වූයේ යැයි කියනු ලබන "හුලා" නැමැත්තා කවුද? ඔහු සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද?
පොලිස් නිළධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් සඳහා කිසිදු තැනැත්තෙකු මැදිහත්වී නොමැත. "හුලා" නැමැති තැනැත්තෙකු හඳුනාගන නොමැත.
පොලීසියට සිදුවන දේශපාලන මැදහත්වීම් නතර කරගැනීමටත් එම නිලධාරීන්ට බලපෑම්වලින් තොරව රාජකාරී කරගැනීමටත් අවශ්‍ය පරිසරය ගොඩනැගිය යුතු බව පිළිගන්නේද? ඒ සඳහා ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග කවරේද?
පොලිස් නිළධාරීන්ගේ රාජකාරී කටයුතු සඳහා දේශපාලන බලපෑම් ඇති බව නොපිළිගනිමි
එම වීඩියෝව පහතින්.

You Have No Idea What You Sharing
ReplyDelete