Monday, 30 December 2013

මර්වින්ට වැදුණු විෂ්ණු දෙවියන්ගේ සාපය

මර්වින්ට වැදුණු විෂ්ණු දෙවියන්ගේ සාපය

රටට හා ජනාධිපතිවරයාට සෙත් පතා අමාත්‍යය මර්වින් සිල්වා විසින් මෙයට වසර ගණනාවකට ප්‍රථම කැලණියේ ශී‍්‍ර උත්පලවර්ණ නමින් විෂ්ණු දෙවොලක් ඉදි කළේය. 

මෙම විෂ්ණු දේවාලය සඳහා මර්වින් ඉන්දියාවේ සිට විෂ්ණු දෙවියන්ගේ විශේෂිත පිළිමයක් ද මෙරටට ගෙනවිත් තිබුණි. 

දෙවොල ආරම්භ කිරීමෙන් අනතුරුව එහි ප්‍රධාන ජෝතිර්වේදියා ලෙස කටයුතු කරනු ලැබුවේ අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාරය. දෙවොල ආරම්භකොට ටික කලකට පසුව මර්වින් සිල්වා විසින් එම දෙවොල භාවිතා කලේ ඔහුගේ කළු සල්ලි සුදු කරගැනීමේ මාර්ගයක් ලෙසය. 

කෙසේ නමුත් මේ වනවිට මර්වින් සිල්වාට මුහුණපෑමට ඇති සියලු කරද අන්කිසිවක් නිසා නොව විෂ්ණු දෙවියන්ගේ සාපය ඔහුට වැදීම හේතුවෙන් නිසා බව ඔහුගේ ජෝතිෂ්‍යය උපදේශකයන් විසින් මර්වින් සිල්වාට පවසා ඇත. 

එම සාපයෙන් ගැලවීමට නම් කෝවිලෙහි වෙනස්කම් කිහිපයක් සිදු කල යුතු බව ජෝතිෂ්‍ය උපදේශකවරයා විසින් පවසා ඇත. නමුත් එම වෙනස්කම් සිදු කල යුත්තේ පිරිසිදුව උපයාගත් මුදලින් පමණක් බවත් ඔහුට උපදෙස් ලැබී ඇත. 

කෙතරම් ධනය ඇතත් මර්වින් සතුව පිරිසිදු ධනයක් නොමැති හෙයින් කෝවිල ගොඩනැගීම සඳහා ආධාර රැස්කිරීමට මර්වින් සිල්වා තීරණය කොට ඇත. ඒ අනුව ඔහු මෙයට සති කිහිපයකට ප්‍රථම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට ගොස් දේවාලය සැදීම සඳහා ආධාරයක් ඉල්ලා තිබුණි.


Sunday, 29 December 2013

රක්නා ලංකාට විරෝධය පෑවැයි සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම්

රක්නා ලංකාට විරෝධය පෑවැයි සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම්



 සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වසර 3කට කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ගලහ මංසන්ධියේ සත්‍යග‍්‍රහයක් ආරම්භ කර තිබුණි. 
එයට සමගාමීව සිසුන් විසින් විශ්වවිද්‍යාලය තුල විරෝධතා පුවරු, පෝස්ටර්, කටවුට්, කොඩිවැල් ප‍්‍රදර්ශනය කර තිබූ අතර ඒවා අශෝබන යැයි උපකුලපතිවරයා දැන්වීම නිසා විශ්ව විද්‍යාලය තුල ඇති ආරක්ෂක අංශ විසින් ඒවා ඉවත් කර තිබේ.
ගෝටාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වන "රක්නා ලංකා" හි ආරක්ෂකයින් ඒවා ඉවත් කිරීමේදී සිසුන් හා උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබෙන අතර එය හේතුකරගෙන සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.
ආරක්ෂකයින් කොඩි වැල් ඉවත් කරන අයුරු හා සිසුන්ට පාර්ට් දමන අවස්ථාවේ ජායාරූප පහතින්.


Wednesday, 18 December 2013

President Son Hit And Run

ඉරිදා කොළඹ නයිට් රේස් ගිය නාමල් ඊට පෙර ඉරිදා රේස් ගිහින් අහිංසකයෙක් යට කර මරා දමා පැන ගිහින්: තවකෙකුගේ කකුලක් කපලා: පොලිසිය සිද්ධිය වහයි---

(ලංකා ඊ නිව්ස් -2013.දෙසැ.18, ප.ව.11.30) පසුගිය ඉරිදා කොළඹ නයිට් රේස් ගිය හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ඊට පෙර ඉරිදා (දෙසැ 8 දා) කොටදෙනියාවේදී රේස් යෑමට ගොස් අහිංසක ජීවිතයකට මරු කැඳවා තවත් ජීවිතයක් සදාකාලික අබ්බගාතයෙකු බවට පත් කර එම අපරාධය සියළු දෙනාගෙන්ම වසන් කිරීමේ බිහිසුනු ක්‍රියාවක් "ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය" වෙත වාර්තා වේ.

8 දා පවනට බඳු වේගයෙන් දිවුලපිටිය හරහා කොළඹ බලා එමින් සිටි නාමල් රාජපක්ෂගේ රථය සමග පරිවාර රථ දෙකක්ද පැමිණි අතර කොටදෙනියාව පොලිස් වසමට අයත් කොරදමින්ද ප්‍රදේශයේදී පසුපසින් පැමිණි පරිවාර රථය පාරේ ගමන් ගත් අහිංසකයක් දෙදෙනෙකු යට කරමින් අනතුරකට භාජනය විය.

පසුපස රථය මිනිසුන් දෙදෙනෙක් යට කරනවා දුටු නාමල් රාජපක්ෂ සහ පිරිවර මඳක් නවතා බලා අසරණයන් දෙදෙනා පාරේ මියැදෙන්නට ඉඩ හැර පලා ගියේ ඉතිරි වැඩ කොටස පොලිසියට බාර කරමිනි.

නාමල් රාජපක්ෂගේ රථයට පසුපසින් පැමිණි අසරණයන් දෙදෙනා යට කරමින් පලාගිය කළු පැහැති ඩිෆෙන්ඩර් රථයේ අංකය මේ අවනඩුව දුටු පුද්ගලයෙක් ලියා ගත්තේ ය. එය කේඩී.9976 නම් විය.

අනතුරට ලක් වූ දෙදෙනා එස්.ඒ.සමරසිරි සහ ආර්.එස්.රූපරත්න හෙවත් නිලමේ නමැති ගම්වාසීන් දෙදෙනෙකි. සමරසිරිගේ තත්ත්වය බරපතල විය. රූපරත්න වෘත්තියෙන් බාස් උන්නැහේ කෙනෙකි. දෙදෙනා දිවුලපිටිය රෝහලට ඇතුලත් කරන ලද අතර දෙදෙනාගේම පාදයන් එම අවස්ථාවේදීම කපා ඉවත් කිරීමට සිදුවූ අතර සතියක් පුරා එළොවත් මෙළොවත් අතර හිඳිමින් ජීවිතය බේරා ගැනීමට සටන් කළ එස්.ඒ.සමරසිරි අද(18) මිය ගියේය. රූපරත්න බාස් උන්නැහේ තවමත් රෝහලේය.

සිද්ධියෙන් පසු නාමල්ගේ දුරකථන ඇමැතුම් ලද සැනින් දිවුලපිටිය, මිහිරිගම, කොටදෙනියාව පොලිස් ස්ථාන තුනෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුන් සහ සහකාර පොලිස් අධිකාරී වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක්ම පැමිණ සිද්ධිය යට ගැසීමට සියළු වැර වෑයම් කළහ. තවමත් කරති. රෝහල්ගත රෝගීන් දෙනො හමුවීමට පවා ඉඩ නොදෙති.

මාරාන්තික රිය අනතුර සිදුකරමින් පලාගිය වාහනයේ අංකය පවා තිබියදී, දැන් අයෙක් මිය ගොස්ද තිබියදී මේ එකදු පොලිසියක් හෝ මේ අනතුර ගැන පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නින්දිතය. තුච්ඡය. තිරිසන්ය. බල්ලෙක් රියකට යට වී මිය ගියද අනෙක් බල්ලෝ පැමිණ තම සහෝදර බල්ලා ඉව කරමින් ඌ ලෙවකමින් මග යන්නන්ට පවා බුරා පනිමින් තම වර්ගයා වෙනුවෙන් හැසිරෙන ආකාරය අප කොතෙකුත් දැක ඇති නමුත් මේ පොලිසි තුනේ ලොක්කන්ට ඒ බලූ ගුණයවත් තිබුනේ නැත.

වරක් එළාර රජුගේ පුත් කුමාරයා සිය අශ්ව රියෙන් රේස් යද්දී පාරේ සිටි වහුපැටවෙකු යට කිරීමෙන් වහුපැටවා මිය ගියේය. දැඩි සොවින් පෙලූනු එළදෙන ඝන්ඨාවක් නාද කර එළාර රජුට එපවත් සැළ කිරීමට සැලැස්වීමෙන් පසු එළදෙනට සාධාරණය ඉටු කරනු වස් එළාර රජු පුතාගේ හිස ගසා දැම්මා යයි පුරාවෘතයේ සඳහන් වේ.

කොටදෙනියාවේ කිසිවෙක් නාමල්ගේ හිස ඉල්ලන්නේ නැත. තම ගමේ අහිංසකයෙක් යට කර මරා දමා තව අහිංසකයෙකු සදාකාලික අබ්බගාතයෙක් කර පලා ගියවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලති. ඒ නීතිය සාධාරණය අද ඉෂ්ඨ නොවුනහොත් හෙට නාමල්ගේ පමණක් නොව පරම්පරාවේම හිස් පමණක් නොව අංගජාතයන් පවා ගලවා ගැනීමට ජනතාව පසුබට නොවන බව නම් ඒකාන්තය.

Tuesday, 17 December 2013

මට "ගණිකාව" කිව්ව නිසයි "පො#නයා" කියලා බැන්නේ- ගීතා


මට "ගණිකාව" කිව්ව නිසයි "පො#නයා" කියලා බැන්නේ- ගීතා
බෙන්තර ඇල්පිටිය සංවර්ධන කමිටු රැස්වීමට සභාපතිවරයාගෙන් ගීතා කුමාරසිංහට මිට පෙර අවුරුදු 3ක් ආරාධනා කලත් මෙවර ආරාධනා නොකිරීම මත ඇය බලෙන්ම පැමිණ සිටියා. ඇයගේ පැමිණීමත් සමඟ සභාවේ විශාල කාලගෝට්ටියක් ඇතිවූ අතර දෙපැත්තෙන් හුවමාරු වූ වචන අතර ගීතාට ගණිකාව ලෙස බැන වැදුණු බව ඇය පවසනවා.

තමන්ට එම රැස්වීමට සහභාගීවීමට ඇරයුම්පතක්ද තිබූ බවත්, තමන් වෙනුවෙන් වෙන් කල ආසනයක්ද තිබූ බවත් ඇය පවසන අතර ගීතාගෙන් පො#නයා ලෙස බැනුම් ඇසූ අනෙක් මංත්‍රීවරු පෙරේදා සවස මාරාන්තික උපවාසයක් ආරම්භ කලේ ගීතා කුමාරසිංහ බෙන්තර ඇල්පිටිය සංවිධායක ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ය.

මේ පිළිබඳව උපවසයේ යෙදුණු මංත්‍රීවරු පවසන්නේ මෙවැන්නක්.

"අපි මෙතනට ආවේ මාරාන්තික උපවාසයකට. මේ උපවාසය නවත්තන්නේ අතිගරු ජනාධිපතිතුමා හෝ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා හෝ ගීතා කුමාරසිංහ ඉවත් කළා කියලා පණිවිඩය ආවොත් විතරයි.

සම්බන්ධීකරන කමිටුවට එන්නට අවසර තිබෙන්නේ රජයේ නියෝජිතයන්ටයි, මහජන නියෝජිතයෙකුටයි විතරයි. ගීතා කුමාරසිංහ කියන්නේ ප්‍රාදේශීය සභාවකවත් මංත්‍රී කෙනෙක් නෙවෙයි. රජයේ නිළධාරියෙක් වත් නෙවෙයි. තවදුරටත් මේ වට්ටි අම්මාට බෙන්තර ඇල්පිටිය සංවිධායක ධූරයේ රැඳෙන්න අපි ඉඩ තියන්නේ නෑ. ඉගනගත්තේ නැති. නොහික්මුණු, මේ කාන්තාව සිනමා නිළිය මට පරිභව කළේ.

පෞද්ගලිකව මට ඊයේ "පො#නයා" කිව්වා. මේක මට වත් වීරකෝන් මැතිතුමාටත් කරපු පෞද්ගලික පරිභව කිරීමක් නෙවෙයි, මේක බෙන්තර ඇල්පිටිය ජනතාවට කරපු පරිභවකිරීමක්. ඇයගේ රංගනය ගැන නෙවෙයි අපිට තියන ප්‍රශ්නේ. හැබැයි ඇය අද මූළු ලංකාවටම කියලා දීලා තියනවා කවුද ගීතා කුමාරසිංහ කියන්නේ කියලා.
"

මේ පිළිබඳව ගීතා කුමාරසිංහ පවසන්නේ මෙවැන්නක්.

"අජිත් ප්‍රසන්න මට තදින් බැනගන ගියා. මම කිව්වා ඔබ තමයි මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න, කැසිනෝ වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා. එහිදී ඔහු මට බැන වැදුනා "උඹ තමයි ගණිකාව" කියලා, මම එහිදී කිව්වා "පො#න කතා කියන්න එපා" කියලා. මම තුන් වරක්ම මේ රටේ ජනප්‍රිය නිළිය වුනා. පේදුරුතුඩුවේ මිනිස්සු වුනත් දන්නවා මම මුදල් උපයන්න නෙවෙයි දේශපාලනයට ආවේ කියලා.

මම දකුණේ මහ ඇමති වෙනවා කිව්ව දවසේ ඉඳලා ඔවුන් මට පහර දෙනවා

නිළියන් ගණිකාවන් කරමින් ඉතාම අසික්කිත භාෂාවෙන් මට බැන වැදුණා. මම ඒ වෙලාවේ බලාපොරොත්තු වුණා සම්බන්ධීකරන කමිටුවේ සභාපති කියයි කියලා කරුනාකරලා වාඩි වෙන්න, හරියට කතා කරන්න කියලා. නෑ ඒ වෙලාවේ එතුමාත් නැඟිටලා කිව්වා ඔබතුමිය අපිට මේ වෙලාවේ මෙතනට අවශ්‍ය නෑ, යන්න කියලා.

මාරාන්තික උපවාසයක යෙදෙනවා නම් ඒක එයාලගේගේ කැමැත්ත. මට තිත්ත කුණුහරපයෙන් බැනලා, මම ඒකට වචනයක් කිව්වා කියලා ඒකට මාරාන්තික උපවාස කරනවා නම් මේක පුදුම ලෝකයක්. මට තියන නුසුදුසුකම මොකක්ද ඒ කමිටුවට යන්න? එහෙම නම් කොහොමද කරන්නේ සංවර්ධනය? කවුද ඒක ගැන දන්නේ?

බෙන්තර ඇල්පිටිය කියන්නේ මගේ ගෙදර. ඒකෙන් එලවන්නට පක්ෂයේ කෙනෙකුටවත්, කාටවත් බෑ. අනිත් එක අජිත් ප්‍රසන්න කියන්නේ කවුද? එයා නිකන් පලාත් සභාවේ ඉන්න මංත්‍රී කෙනෙක්. මට කියපු වචනේ මේ රූපවාහිනියට කියන්න බෑ. එයා කියන්නේ හරි නපුංසක කතාවක්. මට නෙවෙයි නිළියෝ සේරම ගණිකාවෝ කියළා කිව්වේ. මේ රටේ සමස්ථ රංගන ශිල්පීන්ට කරපු අපහාසයක්.

ඔය අජිත් ප්‍රසන්න නෙවෙයි ඔතන කතා කරන්නේ. එයත් එක්ක ඒ පිටිපස්සේ තව දෙන්නක් තුන් දෙනෙක් ඉන්නවා. මොන බාධකය ආවත් මහ ඇමති ධූරයට මම තරඟ කරනවා.
"

දෙපාර්ශවයම කැඳව සුසිල් ප්‍රේම ජයන්ත මහතා සම්ඟ සාකච්ජාවක් ඉදිරියේදී ලබා දෙන බවට බද්දේගම සමිත හිමියන් විසින් ඊයේ සවස 6.00 ට පමණ ගෙන ආ පණිවිඩයකට අනුව මාරාන්තික උපවාසය නැවතුණි.

Monday, 16 December 2013

What We Can Learn From Australian Government

ඕස්ට්‍රේලියානු අගමැති ලංකාවට දුන් ආදර්ශය

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් මහතා හට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිරිනමන ලද වටිනා තෑගී ඔහු විසින් එරට රජයට බාර දී ඇතැයි වාර්තා වේ. 

ජනාධිපතිවරයා විසින් ඔහුට මෙසේ තෑගී කොට ඇත්තේ දියමන්ති එබ්බවූ කමිස අත අමුණන බොත්තම් කටු දෙකක් (cuff links) හා කැටයම් කළ රිදී පෙට්ටියකි. 

ඕස්ට්‍රේලියා රජයේ නීතිය අනුව එරට මන්ත්‍රීවරයෙකුට වෙනත් රටකින් ලැබුණු තෑග්ගක් තමන් සන්තකයේ තබාගත හැක්කේ ඕස්ට්‍රේලියානු ඩොලර් 750 ක (ලංකා මුදලින් රුපියල් අසු නව දහසක් පමණ) වටිනාකමින් අඩු තෑග්ගක් පමණි. 

නමුත් ජනපතිවරයා ලබාදුන් එම තෑග්ග එම වටිනාකමට වඩා වැඩි හෙයින් ඔහු ලංකාවේ සිට නැවත ඔස්ට්‍රේලියාව බලා පැමිණි වහාම ඕස්ට්‍රේලියානු රාජ්‍යය බාන්ඩාගාරය වෙත බාර දී ඇත. එයට අමතරව බෘනායි රාජ්‍යයේ සුල්තාන් වරයාගෙන් ලැබුණූ හම් බෑගයක් ද ෂැම්පේන් බෝතල් දොළහක්ද, ශිරාස් වයින් බෝතල් දොළහක් ද ඔහු රජයට බාරදී ඇත. 

එරට ජනපතිවරයා සිට සිළුම මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වත්කම්, ඔවුන් වෙනත් ආයතනවල ආයෝජනය කර ඇතිද යන්න, ඔවුන්ගේ බැංකු ගිණුම් විනිවිදබාවයකින් යුක්තව පවත්වාගෙන යායුතු අතර ඒවා රජයට හෙළිකොට සිටිය යුතුවේ. 

එහෙයින් ටෝනි ඇබට් සතුව කිසිදු ආයෝජනයක් නොමැති අතර ඔහු සතුව වත්කමට ඇත්තේ සිඩ්නි නුවර ඇති ඔහුගේ නිවහන පමණක් වේ. එමෙන්ම එරට විපක්ෂ නායකවරයා වන බිල් ෂෝර්ට්න් හට ද වත්කමක් කියා දෙයකට ඇත්තේ මෙල්බෝර්න් වල ඇති ඔහුගේ නිවස පමණි.


Wednesday, 11 December 2013

මහින්දානන්ද ගේ බිරිඳ පොලිස් ආරක්ෂාව පතයි

මහින්දානන්ද ගේ බිරිඳ පොලිස් ආරක්ෂාව පතයි

තම ජීවිතය, සැමියා වන ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ නිසා අනතුරට පත්ව ඇති බවත්, තම ජීවිතයට යම් අනතුරක් වුවහොත් එය ඔහු නිසා සිදුවන්නක් බවත් එහෙයින් තමාට ජීවිත ආරක්ෂාව සපයන මෙන් ඉල්ලා මහින්දානන්ද අළුත්ගමගේ ගේ බිරිඳ වන අශා විජයන්ති විසින් පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා ඇත. 

ඇය එක් වරක් නොව දෙවරක්ම තම ජීවිතය රැකදෙන්නයි ලිපි යවමින් ඉල්ලා ඇත. 

අමාත්‍යවරයාගේ බිරිඳ අශා විජයන්ති ඇමතිවරයාගෙන් දික්කසාද වීම සඳහා අධිකරණයේ නඩු පවරා ඇතිඅතර ඇය එහිදී වන්දි ලබාගැනීම සඳහා ඇමතිවරයාගේ වත්කම් දේපොළ තොරතුරු අධිකරණයට ලබා දී ඇත. 

මෙම වත්කම් වල තොරතුරු ඒ ආකාරයෙන්ම අල්ලස් කොමිසමට ලැබීම හේතුවෙන් අල්ලස් හෝ දුෂණ කොමිසමෙන් මහින්දානන්ද අමාත්‍යවරයාට කොමිසමට පැමිණෙන්නැයි දැනුම් දී ඇත. 

අල්ලස් හෝ දුෂණ කොමිසමට වත්කම් හෙලිකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය බිරිඳව සැක කරන අතර එහෙයින් මෙසේ මරණ තර්ජන එල්ලව තිබේ. නමුත් අමාත්‍යවරයාගේ බිරිඳ වත්කම් අල්ලස්කොමිසමට හෙළිකිරීමේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කොට ඇත. 

මේ අතර මහින්දානන්ද අළුත්ගමගේ එම වත්කම් ඉපයූ ආකාරය පිලිබඳ සවිස්තර ලිපියක් ලක්බිම ඉරිදා පුවත්පතේ පලවී තිබු අතර ඒ හේතුවෙන් තිලංග සුමතිපාල මෙන්ම එම පුවත්පතේ ප්‍රධාන කතෘවරයාද අමාත්‍යවරයාගේ උදහසට ලක්ව සිටී. 

මහින්දානන්ද අළුත්ගමගේ සිය බිරිඳගෙන් දික්කසාද වුවාට පසු නැවත විවාහ වීමට සූදානම් වන්නේ අගමැතිවරයාගේ දියණියක සමග බව වාර්තා වේ.

Impressive අගමැති අත්අඩංගුවට ගන්නැයි හෙළ උරුමය ඉල්ලයි

Impressive අගමැති අත්අඩංගුවට ගන්නැයි හෙළ උරුමය ඉල්ලයි 

ලංකාවට රැගෙන ආ මත් කුඩු කන්ටේනරය නිදහස් කිරීමට නියෝග ලබා දුන් අගමැතිවරයා අත් අඩංගුවට ගන්නා ලෙස හෙළ උරුමය ඉල්ලා සිටිනවා.

අගමැති කාර්යාලයෙන් නිකුත් කර ඇති ලිපියට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කරන්නේත්, ඔවුනට උදව් කරන්නේත් රටේ අගමැතිවරයා බවයි ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ.

එබැවින් මෙම වගකීම සම්පූර්ණයෙන් බාරගන අගමැතිවරයා තනතුරෙන් ඉවත් විය යුතු බවයි උන්වහන්සේ පවසා තිබෙන්නේ.


"අද මේ රටේ දුරාචාරය දැඩි ලෙස රජකරනවා. ඒ සඳහා ඉහළම දේශපාලන රැකවරණය ලැබෙන බවට අගමැති කාර්‍යාලයෙන් අගමැතිවරයාගේ ලේකම්වරයා විසින් යවා ඇති ලිපිය සාක්ෂියක්.

එය තමාගේ උපදේස් පිට යවන ලද්දක් නොවන බවට අගමැතිවරයා කිව්වත්, එය අගමැතිවරයාගේ උපදෙස් මත යැවූ බවට ලේකම්වරයා සඳහන් කර ඇති නිසා කවුද බොරු කියන්නේ කියලා තේරුම්ගන්න පුළුවන්.

කුඩු කන්ටේනරය ගැන අගමැතිතුමා කියන්නේ ලේකම්වරුන් ලියුම් ලිවුවාට ඒක කියවන්න වෙලාවක් නැති බවයි. කවුරු මොනවා කිව්වා වුණත් අර මර්වින් සිල්වා ඇමතිතුමාටත් මම හිතෙනවා ,මේ අගමැතිට වඩා සදාචාරයක් තියෙනවා කියලා. ඔහු අඩු තරමින් වරදක් කර අහුවුණාම තමන් ළඟ හිටිය කෙනෙක් එයා මගේ ලේකම් නෙවෙයි කියලා හරි කියනවා. නැත්නම් තාවකාලිකව හෝ එයාව අයින් කරලා දානවා.

මේ අගමැතිට එහෙම සදාචාරයක් වත් නැහැ. අගමැතිට ලියුම් කියවන්න වෙලාවක් නැතිනම්, විශ්වාසදායී නිලධාරියෙක් නැතිනම් අයින් වන්න ඕනෑ. තමන්ට ශක්තියක්, සිහි කල්පනාවක් නැතිනම් අගමැති පදවියෙන් අයින් වෙන්න. රටට කරන ලොකුම සේවය ඒකයි

තමාගේ සිහිකල්පනාව නැත්නම්, අතපය වලංගු නැත්නම්, ඉන්ද්‍රිය හරි හැටි ක්‍රියාකරන්නේ නැත්නම් මේ විදිහට මත්කුඩු ජාවාරම්කරුවන්ට ආධාර අනුබල නොදී තනතුරේ ගරුත්වය ආරක්ෂාවීමට වහාම ඉල්ලා අස්වෙන්න ඕනේ.

අද කරඬුවක් ගෙන්වාගැනීමේදීත්, සිවුරක් ගෙන්නාගැනීමේදීත් බදු අය කරනවා. ඒත් මත්කුඩු වලට කිසිම බද්දක් නෑ. මත් කුඩු ගේන්වන අය රකින්නේ කවුද කියලා මේකෙන් ඔප්පුවෙනවා.
"

මත්තල ප්‍රමෝට් කරන්නේ බැසිල්ගේ මූණ දාලා

මත්තල ප්‍රමෝට් කරන්නේ බැසිල්ගේ මූණ දාල
සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් බැසිල් රාජපක්ෂගේ රුව සහිතව පල කළ දැන්වීමක් පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇතිවුණා.

අනුරකුමාර මංත්‍රීවරයා අසා සිටියේ එක් එක් පුද්ගලයන්ගේ චරිත ඉස්සීම වෙනුවෙන් පාඩු ලබන ආයතනයකින් මහජනයාගේ මුදල් වැයකිරීම සාධාරණ ද යන්නයි.

ඒ පිළිබඳව ගුවන්සේවා ඇමතිවරයා පැවසුවේ "බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ජනප්‍රිය පුද්ගලයෙක්. එතුමා අපේ අමාත්‍යාංශයට ගොඩක් උදව් කරලා තියනවා, ඒ නිසා බැසිල්ගේ මූණ දැම්මා" කියාය.

ගුවන්සේවා ඇමති: මත්තල රාජපක්ෂ ගුවන්තොටුපල විවෘත කිරීම පිළිබඳව මහජනතාව දැනුවත්කිරීමේ අරමුණ ඇතිව පළකළේ.

අනුරකුමාර: නමුත් එම දැන්වීමේ කිසිදු තැනක ගුවන් තොටුපළ නෑ. නමුත් එම දැන්වීමේ තිබුණේ ගරු බැසිල් රාජපක්ෂ අමාත්යවරයා. එතකොට අමාත්‍යවරයයි මත්තලයි අතර සම්බන්ධය මොකක්ද?

ගුවන්සේවා ඇමති: මෙම දැන්වීමේ මත්තල කුළුන අපි ප්‍රදර්ශනය කරලා තියනවා

අනුරකුමාර: එතුමා මත්තල සම්බන්ධකරගත්තට මේ දැන්වීම දැම්මේ ඊට පෙර දිනයේ බැසිල් රාජපක්ෂ අමාත්යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකධූරයෙන් පිදුම් ලැබුවේ. ඒක නිසයි තමුන්නාන්සේ මේ දැන්වීම පල කරන්නේ. මේ එක් එක් පුද්ගලයන්ගේ චරිත ඉස්සීම වෙනුවෙන් මහජනයාගේ මුදල් වැයකිරීම සාධාරණද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.

ගුවන්සේවා ඇමති: මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙනුවෙන් තමයි ඒ දැන්වීම පල කලේ, ඒ වගේම බැසිල් රාජපක්ෂ ලංකාවේ ජනප්‍රිය චරිතයක් හැටියට.

අනුරකුමාර: කතානායක: ඒ දැන්වීමේ පිටපතක් තියනවද?

ගුවන්සේවා ඇමති: චරිතයක් හැටියට ආකර්ෂණය සඳහා ගරු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ජායාරූපයක් පල කළේ.

අනුරකුමාර: කතානායකතුමනි, සබන් විකුනන්න ජනප්‍රිය නළු නිළියන්ගේ ජායාරූප තියන දැන්වීම දානවා. දත්බෙහෙත් විකුණන්න ඒ විදිහට දැන්වීම් දානවා. ඒ විදිහට මත්තල ගුවන්තොටුපල විකිණීම සඳහා ජනප්‍රිය පුද්ගලයෙක් ලෙස බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ දැන්වීම් දාන බවද ඔබතුමා කියන්නේ?

ගුවන්සේවා ඇමති: බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ජනප්‍රිය පුද්ගලයෙක්. එතුමා අපේ අමාත්‍යාංශයට ගොඩක් උදව් කරලා තියනවා. කෘතවේදීභාවයට ඒක කළේ.

කතානායක: මත්තල ගුවන් තොටුපළ පිළිබඳ මෙම දැන්වීමේදී මාව අමතක වුන එක ගැන කණගාටු වෙනවා



Monday, 9 December 2013

I will not join Rajapaksas- Fonseka

I will not join Rajapaksas- Fonseka



අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය

අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය

අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කොමිෂන් සභාවක් ස්ථාපනය කරනු ලැබුවේ 1994 වසරේදීය. ඒ සදහා පිටුබලය සපයනු ලැබුවේ 1975 අංක 1 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මගිනි. 

1994 දෙසැම්බර් 15 වැනිදා ආරම්භ කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ සිවුවැනි වතාවට පත් කරන ලද කොමිෂන් සභා සාමාජිකයන්ය. 

මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති නමුත් එකී චෝදනා අරබයා ඔවුන්ගේ ක්‍රියාත්මක වීම සිදුවන්නේ ප්‍රමාණවත් වේගයකින්ද යන්න පිළිබදත් එහි ක්‍රියාකාරිත්වය පිළිබදත් මේ වනවිට සමාජයේ කතිකාවක් ගොඩනැගෙමින් තිබේ. 

මේ වනවිට දේශපාලනඥයන් විශාල පිරිසක් මෙම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂණයන්ට මුහුණදෙමින් සිටිතැයි වාර්තා වන අතර මෙම ලිපිය මගින් අප විමසා බලනුයේ අදාළ කොමිෂන් සභාවට මේ පිළිබද ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතින්නේද යන්න පිළිබදය. 

අල්ලස් යනු කුමක්ද?  
අල්ලසක් යනු නීත්‍යනුකූල කටයුත්තක් කරගැනීම සදහා යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට මුදල් හෝ වෙනත් ත්‍යාගයක් ලබාදීම, ලබාගැනීම, යෝජනා කිරීමය. මේ අනුව අල්ලස් ලබාදීම හෝ ලබාගැනීම සලකනු ලබන්නේ දඩුවම් ලැබිය හැකි වරදක් වශයෙනි. 

ටෙන්ඩර් ලබාදීම, යම් යම් සේවාවන් සදහා ගිවිසුම්ගත වීම, කිසියම් කාර්යයක් ඉක්මනින් සිදුකිරීමට මුදල් ලබාගැනීමෙන් හෝ ත්‍යාගයක් ලබාගනිමින් එකඟවීම වැනි කාරණාවන් මේ අනුව දඩුවම් ලැබිය හැකි වරදවල් ලෙස හඳුනා ගත හැකිය. මේ සම්බන්ධයෙන් ලෝකයේ අවධානය දැඩි ලෙස යොමුව ඇත්තේ ජාත්‍යන්තර ගනුදෙනු, ව්‍යාපාර හා වෙනත් ව්‍යාපෘතීන් අරබයා රටවල් අතර සිදුවන්නාවූ එකඟතා වෙනුවෙන් මෙය බලපවත්වන බැවිනි. 

දැනට ලෝක බැංකුව විසින් මෙන්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වැනි රාජ්‍ය නොවන ආයතන මගින් සිදුකොට ඇති සමීක්ෂණවලදී මේ පිළිබද සංඛ්‍යා දත්ත මගින් දළ අදහසක් ලබා ගැනීමට හැකියාව තිබේ. 

දැනට මේ සම්බන්ධයෙන් නිකුත්ව ඇති නවතම වාර්තාවේ දැක්වෙන්නේ දකුණු ආසියාවේ රටවල් අතරින් වැඩි වශයෙන් අල්ලස් දූෂණ සිදුකරමින් යම් කාර්යයක් සිදුකිරීමේ හැකියාව සහිත රාජ්‍යය වනුයේ බංග්ලාදේශය බවයි. එය සියයට හැට හයකැයි පිළිගැනේ. වෙනත් ආකාරයකින් එය දක්වන්නේ නම් සෑම සිවු දෙනෙකුගෙන් තිදෙනෙක්ම රාජකාරි කටයුත්තක් කරගැනීම සදහා අල්ලස් ලබාදීමට බංග්ලාදේශයේදී සිදුවීම ස්වාභාවික තත්ත්වයය. 

මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වා ඇත්තේ සියයට 24ක් ලෙසය. එය තවත් ආකාරයකින් කියන්නේ නම් සෑම සිවු දෙනෙකුගෙන් එක් අයෙක්ම රාජ්‍ය අංශය මගින් කාර්යයක් කරගන්නට අවශ්‍ය නම් අල්ලස් ලබාදිය යුතුව ඇත. මෙම වාර්තාවේ දැක්වෙන ආකාරයට වැඩිම අල්ලස් හා දූෂණ ප්‍රමාණයක් ලබාගන්නා ආයතන වශයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත වන්නේ ආදායම් බදු ගෙවීමේ කාර්යාවලියෙන් යම් ආකාරයක සහනයක් ලබාගැනීමටය. එය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කළ 2011 වාර්තාවට අනුව දක්වන ආකාරයට සියයට 63කි.

මින් අනතුරුව රේගුව (33), පොලීසිය(32), ඉඩම් කටයුතු අරබයා වන ආයතන(30) වශයෙන් අල්ලස් ලබාදීමේ ප්‍රතිශතය පිළිවෙළින් වැඩිවී ඇත.  ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන්ම අල්ලස් ලබාදීම සිදු කරනුයේ යම් කිසි ව්‍යාපෘතියක් දියත් කිරීම වේගවත් කිරීම සදහා ගෙවනු ලබන අල්ලස් වශයෙනි. 

කෙසේ නමුත් මේ වාර්තාව ඉක්මවා ගොස් 2012 වසර වනවිට තත්ත්වය තවදුරටත් බැරෑරුම් වෙමින් තිබේ. ලෝකයේ අල් ලස් දූෂණ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ලෝකයේ රාජ්‍යයන්හි අල්ලස්, දූෂණ ලැයිස්තුවේ ශී්‍ර ලංකාවට හිමිව ඇත්තේ 79 වැනි ස්ථානයය. මෙහිදී ශ්‍රී ලංකාවට හිමිව ඇති ලකුණු ප්‍රමාණය සියයට හතළිහකි. 

දකුණු ආසියාවේ ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් සිටිනුයේ ශ්‍රී ලංකාවට වඩා පහළිනි. ලොව දූෂණ, වංචාවලින් අඩුම රටවල් අතරට එක්ව ඇත්තේ ඩෙන්මාර්කය වන අතර මෙයට ඇතුළත් ආසියානු රාජ්‍යයන් අතර පිළිවෙළින් සිංගප්පූරුව පස්වැනි ස්ථානයත්, හොංකොං 14 වැනි ස්ථානයත්, ජපානය 17වැනි ස්ථානයත් දිනාගෙන ඇත. 

ඊට අමතරව භූතානය, තායිවානය, දකුණු කොරියාව, බෘනායි හා මැලේසියාව යන රටවල් සිටිනුයේ ශ්‍රී ලංකාවට වඩා ඉහළිනි. ආසියා ශාන්තිකර කලාපයෙන් ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය මෙම ලැයිස්තුවේ මුල් රටවල් විස්ස අතර ස්ථානගත වන අතර සෙසු බොහෝ රටවල් අයත්වන්නේ යුරෝපයටය. මේ අනුව පැහැදිලි වන්නේ ලොව අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙරේ ඇත්තේ අයහපත් පිළිගැනීමක් බවය. 

කලාපයේ ඉදිරියෙන් සිටියද මේ වනවිට දේශීය ජනතාව සහභාගි කරවා ගනිමින් සිදුකරන ලද මධ්‍යස්ථ ජාත්‍යන්තර පර්යේෂණයන් මගින් ඒත්තු ගැන්වෙමින් ඇත්තේ ශ්‍රී ලංකාව ලෝකයේ අල්ලස් හා දූෂණ අරබයා වැඩි නැඹුරුතාවක් දක්වන රාජ්‍යයක් වශයෙනි. මේ අතර ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් අල්ලස් හා දූෂණ සිදුවන ක්ෂේත්‍ර සේ පොලිස් සේවය හා දේශපාලන ක්ෂේත්‍රය සැලකෙන අතර එය ප්‍රතිශතයක් වශයෙන් පිළිවෙළින් සියයට 64ක් හා සියයට 51කැයි 2012 වසරේ නිකුත්වූ වාර්තාවකින් කියැවේ. 

පාර්ලිමේන්තුව හා නීති කෙටුම්පත් සම්පාදනයේදී සියයට 39ක්ද, හමුදා හා ආරක්ෂක ක්ෂේත්‍රයන්හි එය සියයට 13ක් වශයෙන්ද, රාජ්‍ය නොවන සංවිධාන සියයට 23ක්ද, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සියයට 33ක්ද, සිවිල් සේවාවන්හි සියයට 33ක් වශයෙන් සදහන් වේ. මෙම තත්ත්වය දිගින් දිගටම වර්ධනය වනු විනා පහළ බසින ආකාරයක් දක්නට නොලැඛෙන්නේ යැයි පැවසිය හැක්කේ රට තුළ ආර්ථීක වශයෙන් සිදුවෙමින් ඇති විපර්යාස දරා ගැනීමට රාජ්‍ය සේවකයා සතු හැකියාව සැලකිල්ලට බදුන් කිරීමේදීය.

දේශපාලනයේ දූෂණය 
පසුගියදා ජනමාධ්‍ය ඔස්සේ වාර්තාවූ තොරතුරකට අනුව කියැවුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට දේශපාලනඥයන් වැඩි පිරිසකගේ ආදායම් උපයා ගැනීම් පිළිබදව පැමිණිලි පෙත්සම් යොමු කරමින් හා යොමු කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බවය. ඒ යටතේ දේශපාලනඥයන් රැසකගේ නම් කියැවුණේය. මෙලෙසින් හදුනාගෙන ඇති දූෂණ හා වංචාවන්ට සම්බන්ධ යැයි කියනු ලබන දේශපාලනඥයන් පිළිබද තොරතුරු සොයා බලා පරීක්ෂණ සිදුකිරීමට රටේ ඉහළම නිලතල දරන්නන්ගේ ඍජු අනුග්‍රාහකත්වයක් හා ආශිර්වාදය සැපයෙමින් ඇතැයි යන මතයක්ද වාර්තාගත වෙමින් තිබුණේය. 

මේ වනවිටත් අමාත්‍ය මර්වින් සිල්වා හා මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් පැමිණිලි විභාග කිරීම ආරම්භ කොට ඇතැයිද වාර්තා විණි. මෙහිදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගිය කාලවකවානුවේදී උපයා ගන්නා ලද වත්කම් මිලට ගත්තේ කවරාකාරයෙන්ද යන්න පිළිබද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිදුකරනු ලබන පරීක්ෂණය සදහා සාක්ෂි ලබාදීමට පැමිණෙන්නැයි ඉල්ලීමක් කර තිබූ බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණේය. 

මේ අතර ක්‍රිඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ යම් යම් දේපළ මිලට ගැනීම් පිළිබද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පැමිණිල්ලක් විභාග කරමින් ඇත. එහිදී ඔහු විසින් මිලට ගත් කොළඹ හා මහනුවර ප්‍රදේශ ඉහළ වටිනාකමකින් යුත් බිම් කොටස් හා නිවාස සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිත බව අල්ලස් කොමිසමේ අභ්‍යන්තර වාර්තා සදහන් කළේය. 

මෙම වත්කම් ඔහු මිලට ගත් බවටත් එවැනි වත්කමක් තමන් සතු වන බවටත් ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය කාලයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇති දිවුරුම් ප්‍රකාශ මගින් තහවුරු කොටගෙන ඇති හෙයින් ඔහුගේ මෙම නව ඉපැයීම් කෙසේ සපයා ගත්තේද යන්න පිළිබද විමසා බැලීම තවතවත් විමර්ශන සිදුවීමේ අවදානමක් මතුව එමින් ඇතැයි දැනගන්නට තිබේ. 

තම බිරියගෙන් වෙන්වීම ඔහු යොමු කළ දික්කසාද නඩුවේදී විත්තියේ පාර්ශ්වය අවශ්‍ය වූ මොහොතක ඔහුගේ බැංකු ගිණුම් තොරතුරු, ඉඩකඩම් පිළිබද මෙන්ම ඒ සදහා අවශ්‍ය වන වෙනත් තොරතුරු සපයා දීමට කැමැත්තෙන් ඇතැයි වාර්තා වී තිබූ අතර පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බැංකු ගිණුම් තොරතුරු සමග පැමිණෙන්නැයි අළුත්ගමගේ අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන්ට අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්ද කර තිබුණේය. 

කෙසේ නමුත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට ගිය දේශපාලනඥයන් මොවුන් පමණක් නොවන අතර තවත් බොහෝ දේශපාලනඥයන්ගේ මුල්‍ය උපයා ගැනීම් පිළිබද ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිතව ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ලැඛෙන වාර්තා සදහන් කළේය 

පරීක්ෂණ ප්‍රමාණවත්ද? 
අල්ලස් හෝ දූෂණ විමර්ශනය සම්බන්ධයෙන් ඇති මෙරට ආයතනයේ කි්‍රයාකලාපය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිද යන්න මීළඟට මතුවන ප්‍රශ්නයව තිබේ. දැනට ක්‍රියාත්මක වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ක්‍රියාත්මක වීමේ වේගය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තුළ ඇත්තේ අකැමැත්තක් හා අප්‍රසාදයකි. 

විශේෂයෙන් බලය අඩු නිලධාරින් විසින් ලබාගනු ලබන සුළු පරිමාණයේ අල්ලස් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දැවැන්ත තෝරුන් මෝරුන් සිදුකරන්නේ යැයි කියැවෙන දූෂණ චෝදනා අරබයා ක්‍රියාත්මක වීමේදී දක්වන්නේ මන්දෝත්සාහී බවකැයි යන්න දැඩි චෝදනාවකි. 

පසුගිය කාලවකවානුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් සිදුකරනු ලැබූ අල්ලස් ලබාගැනීම් අරබයා නීතිය ක්‍රියාත්මක කිරීම සදහා මෙම කොමිසම කටයුතු කළද ජාතික තලයේ දේශපාලනඥයන්ගේ විෂයේදී මෙම තත්ත්වය දක්නට නොලැබිණි. කෙසේ නමුත් මේ වනවිට මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් පරීක්ෂණ සිදුකිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම උත්සුක වෙමින් ඇත්තේ දේශපාලනික වශයෙන් අඩපණ කළ යුතු චරිත රැසක් පිළිබද ආණ්ඩුවේ ඉහළම නියෝජිතයන්ගෙන් ලැබුණු උපදෙස් ක්‍රියාත්මක කරමින් බවද පැවසෙයි. 

මෙලෙසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැඛෙන වාර්තා මගින් විමර්ශනය පවත්වාගෙන යෑම හෝ එය අඩාල කොට නවතා දැමීමට බලවතුන්ට තීරක බලය හිමිවෙන ආකාරයට මෙම පරීක්ෂණ යොදවා ගැනීමේ අවදානමක් මතුව ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සදහන් කරයි. 

ඉදිරි වසර මැතිවරණ වසරක් වන බැවින් එහිදී පක්ෂ මාරු කිරීමේ අරමුණෙන් සිටිතැයි සැක කරන ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ මගින් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි දැනගන්නට ඇති අතර මේවා ඉදිරියට යෑම හෝ නවතා දැමීම දේශපාලන බලවතුන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක කිරීමේ වැඩි ඉඩකඩක් නිර්මාණයවී ඇතැයි තතු දත් ආරංචිමාර්ග සදහන් කළේය. 

මේ බව සනාථ කරමින් පසුගිය සති අන්ත පුවත්පත්වල දේශපාලන ලිපි රැසක් මර්වින් සිල්වා අමාත්‍යවරයාට එරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂණය සදහා සාක්ෂි ලබාදීමට යාමට ඇති දින කල්දමාදීමේ බලපෑමක් සම්බන්ධව කරුණු දක්වා තිබුණේය. 

මේ නයින් බලන කල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දේශපාලන බලපෑම්වලින් තොරව, වැරැදිකරුවන්ට සැබෑ ලෙස දඩුවම් ලබාදිය හැකි ආයතනයක් බවට පත් කරන්නට මෙරට සිවිල් සමාජ, ජනතාව හා දේශපාලනඥයන් ඇප කැපවිය යුතු කාලය එළැඹ ඇතැයි පැවසිය යුතුව ඇත. 

නොරොච්චෝල විදුලි බලාගාරය සම්බන්ධයෙන් සදහන් වන කාරණාවලින් මෙන්ම එම සමාගම මෙරට ස්ථාපනය කළ චීන සමාගමට ශ්‍රී ලංකාවේ විශාලතම ජල යෝජනා ක්‍රමයේ ටෙන්ඩර් ලබාදීම සම්බන්ධයෙනුත් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීම් සිදුකළ නමුත් ඒ සියල්ල හුදු විරුද්ධ පක්ෂයේ සාම්ප්‍රදායික විරෝධතා ලෙසින් යටපත්ව තිබීමත්, ජනතාව මේ පිළිබද අවධියෙන් නොසිටීමත් කනගාටුදායක වන බැවින් ජනතාව නිසි පරිද අවධි කිරීමේ වගකීම් විපක්ෂයේ දේශපාලනඥයන් හා ජනමාධ්‍ය මෙන්ම සිවිල් සමාජ පෙරමුණ ගත යුතු කාලය එළැඹ ඇත. 

ගසට මුවාවී මොනවද මේ කරන්නේ?

ගසට මුවාවී මොනවද මේ කරන්නේ?


ධ්‍යම පළාත් සභාවේ   මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  පෞද්ගලික ප්‍රවාහන සේවා බස් රථ  පරීක්ෂාව සදහා  යොදවා සිටින ඇතැම්  පරීක්ෂකයන් බස් රථ  පරීක්ෂාව වෙනුවට  අල්ලස් ගන්නා සැටි  එසැණට සාක්කි සහිතව ඔප්පු කළ හැකියි.
බස් රථ කිහිපයක  නැඟ ඒ පිළිබඳව සොයා බැලීමට අපට හැකි විය.නිල් පැහැති නිල ඇඳුම් පැළැද  සිටි හතර දෙනකු  දඹුල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම රැක සිට  පෞද්ගලික බස් රථ නවතා කොන්දොස්තර  මහතා ගසක් අසලට කැඳවාගෙන යති.
ගසට මුවා වී සිදු කරන්නේ කුමක් ද යන්න අභිරහසකි.
ගහට මුවා වනුයේ ප්‍රසිද්ධියේම රුපියල් සියයේ සිට පන්සීය දක්වා වු මුදලක් ලබා ගන්නට බව කොන්දොස්තරවරු කියති.
මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  සභාපතිනි  අනෝමා  පොල්වත්ත  මහත්මිය කියා සිටියේ මෙම පරීක්ෂකවරුන් සිදු කළ යුත්තේ බස් රථයට ගොඩවී පරීක්ෂා කැර අඩුපාඩු ඇත්නම් රථය තුලදීම දඩ කොල නිකුත් කිරීම කළ යුතු බවයි. බස් සේවකයින් බස්සවා වෙනත් ස්ථාන වලට රැගෙන යාම කළ නොහැකි බවයි.
මාර්ග බලපත් සෝදිසි කිරීම් ,මගින්ට ටිකට් දීම ආදී නියමයන් නිසියාකාරව සිදු කෙරෙන්නේදැයි සොයා බැලීම  මොවුන්ගේ රාජකාරියයි.
නීතියට පටහැනිව මෙම නිලධාරීන්  දවස පුරා සිදු කරන පරීක්ෂණ  කටයුතු පිළිබඳව  වීඩීයෝ ගත කැර ගැනීමට හා ඡායාරූප ගැනීමට අපට හැකි වුයේ මගීන් ලෙස වෙස් වළාගෙන ගිය නිසාය.




Friday, 6 December 2013

උස් තැන් දැක හැකිලෙන - මිටි තැන් දැක පුප්පන ශ්‍රී ලංකා පොලීසිය

මෙම ලිපියෙන් අප අවධානය යොමුකරනු ලබන්නේ අවස්ථා කිහිපයකදී පොලිසියේ උසස් නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳවය. අහිංසක දුප්පත් ජනතාවට "පුස්" පාට් දමන පොලිස් නිලධාරීන් දේශපාලඥයින්, උසස් පොලිස් නිලධාරීන් ඉදිරියේ හැසිරෙන්නේ සුනඛයන් ලෙසිනි.

ඇතැම් පොලිස් නිලධාරීන්ට මෙය අදාළ නොවන අතර මෙය අදාළ වන්නේ වන්දිභට්ට පොලිස් නිලධාරින්ටය.පහතින් දැක්වෙන ජයාරූප මගින් දැක්වෙන්නේ එවැනි අවස්ථාවන් කිහිපයකි.

කැලණිය ධර්මාශෝක විද්යාලය අසල අඹ අච්චාරු විකුණු අම්මගේ කතාව 
67 වන පසුවන රූපාවතී මහත්මිය කැලණිය ධර්මාශෝක විද්යාලය අසල සුළු වෙළඳාමක් කොට ජීවත් වන්නියකි. පාසලේ ළමුන්ට ඇය කරුණාවන්ත අත්තම්මා කෙනෙකි. කොටි උවදුර තිබු සමයේ පටන් විදුහලේ හා එහි ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ අම්මා අවධානයෙන් සිට ඇත. 

පසුගියදා පෑලියගොඩ පොලිසියේ පිරිසක් පැමිණ රූපාවතී මහත්මියගේ පලතුරු තට්ටුව බිමට ඇද දමා එතනින් ඉවත්වෙන ලෙස දෙනෝදාහක් ඉදිරියේ තර්ජනය කොට ඇත. පොලීසිය ගිය පසු සිත්වේදනාවෙන් සිය කඳුළු පිසූ ආකාරය ඉහත ජයරූපයෙන් දැක්වේ.

කළුතර බෝධිය අසල මල් විකිණු කාන්තාවන් පාරට ඇද දමා ඔවුන්ට නඩු පැවරීම 
ඉහතින් දැක්වෙන කාන්තාව වසර ගණනාවක් තිස්සේ කළුතර බෝධිය අසල මල් විකුණමින් ජීවත් වූ අයෙකි. එම ලැබෙන සුළු මුදලින් සිය දරු පැටියා ජීවත් කිරීම ඇගේ එකම අරමුණ වුවා විය හැක. මල් විකිණීම සඳහා බදු ගෙවා වෙනම මල් තට්ටුවක් ගැනීමට නැති ඇය පොලීසිය විසින් පාරට ඇද දමා ඇත. ඉන් නොනැවතුණු පොලීසිය අනවසරයෙන් වෙළඳාම් කිරීම පිලිබඳ නඩු පවරාද ඇත.

දුමින්ද සිල්වා ගේ ආගමනයට සැලයුට් ගැසූ පොලිස් නිලධාරියා 

දුමින්ද සිල්වා කව්රුන්ද යන්න මෙහි අමුතුවෙන් අටුවා ටීකා කීමට අනවශ්යයය. දුමින්ද සිල්වා වෙඩි හුවමාරුවෙන් ලද තුවාල වලින් විශ්මයජනක ලෙස තුවාල ලබා වෙඩි තැබූ සිදුවීම් පමණක් මතකයෙන් නැතිවී නැවත සිය නිවස කරා පැමිණි අවස්ථාවේ ඔහුට පොලිස් නිලධාරියෙකු ගරු කල අන්දම. 


විශ්රාමික DIG ගාමිණි සිල්වාට පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකු දන ගැසූ අයුරු

China’s Forays in Sri Lanka

IPaper No. 5261      Dated 25-Oct-2012By Rajeev Sharma


The Dragon’s shadow is lengthening over Sri Lanka with every passing day. China has committed since 2005 contracts and investments worth US$ 6.4 billion, as per treasury records. So far, $ 3.6 billion has been disbursed. Projects worth $ 2.8 billion are waiting to be signed. In another three years, the Chinese investment in Sri Lanka will nearly double and touch $ 12 billion.
Is Mahinda Rajapaksa, the sixth president of Sri Lanka, lily white like the shining white dress he wears in public? The answer is a resounding no for a wide variety of things and facts that are surfacing as he entered the seventh year of his presidency.
Rajapaksa, who began his life by testing his luck in the tinsel world as an extra and clambered the political ladder with ruthless ease, is not a man of the masses as he presents himself with an earthy brown shawl to remind his interlocutors of his rural roots. His family rule puts to shame the Sukarnos, Bhuttos, Burnhams and Mugabes of the world.
Let the facts speak.

The Dragon’s shadow is lengthening over Sri Lanka with every passing day. China has committed since 2005, as per treasury records, contracts and investments worth US$ 6.4 billion. So far, $ 3.6 billion has been disbursed; projects worth $ 2.8 billion are waiting to be signed. In another three years, the Chinese investment in Sri Lanka will nearly double and touch $ 12 billion.
As the African experience with Bamboo capitalism shows, China’s investment is not benign but is aimed at cornering raw materials, markets and profits. It is also routed through middlemen to reduce risks.The First Family
In Sri Lanka context, the gateway appears to be a close family friend of the Rajapaksas. And the friend has the word ‘gateway’ in the name of his very company.

Like in Africa, here also, commissions are paid to agents and front companies and these are really hefty probably because of the competition the Chinese are facing in grabbing local business.
Available data shows that the First Family (FF) stands to receive in commission anywhere between US$1.2 to US$ 1.8 billion during 2005-15. It works out to an annual ‘intake’ of $120 to US$ 180 million from the Chinese projects.

An intricate web of front companies is in place to receive and disburse the commissions, as is the practice with the Chinese.
The Chinese generally walk the extra mile to cover the tracks leading to the real beneficiary. But they have slipped up badly in their Colombo enterprise. So milestones along the way are clearly visible.
Names of two businessmen figure prominently in the shady business deals of the First Family. One of them, Bandula Weerawardena, Sri Lanka born British passport holder-businessman, is more or less history, as he gave way to the new star, Prabath Nanayakkara, the Chairman of Sri Lanka Gateway Industries.

A little known businessman, Prabath’s meteoric rise ran parallel to President Mahinda Rajapaksa’s ascent to power. The sobriquet of FF insider has helped him bag massive construction contracts and licenses for TV and other media network.
Prabath’s mainstay is said to be Dilshan Wickremasinghe (38). He is the son of the President’s brother-in-law, Nishantha Wickremasinghe, who is also the Chairman of Sri Lankan Airlines.
Dilshan is CEO of Asset Networks (Pvt) Ltd and Asset International, both subsidies of Prabath’s Asst Holdings Pvt Ltd.
Chinese Projects

Chinese funded projects are mostly handled by five companies, and the FF hand is behind all of them, according to local business circles, though they are economical on details.
The FF is said to be pumping in four billion US dollars into Trincomalee, where decks are cleared for setting up a deep water jetty, bulk commodities terminal, and power plant amongst other facilities as a composite venture on develop, operate and manage basis.

Like in all other FF involvements, in Trinco deal also, Prabath signed the agreement with Board of Investment (BOI) on June 13, 2012. His Asset Holdings Pvt. Ltd is a partner in the Mitchell Consortium of Australia which had won a contract for setting up a heavy Industry Zone in Sampur.
Spread over 1200 acres, the project will see an investment of US $ 2 bn. It will be completed in three phases and the first phase would come up at a cost of US $ 700 million. The Rajapaksa cabinet approved the project on 23 February 2011.

The Mitchell consortium comprises four companies - Mitchell Group of Australia, Salva Corporation (mining services), Asset Holdings Pvt. Ltd (of Prabath Nanayakkara) and an unnamed Brazilian partner. Inquiries show that Mitchell Group could be a paper company acting as front for Prabath.
If so, could it be a case of rerouting of ‘money’ earned by the FF in the Chinese projects with Prabath acting as the Front Man of an Illegal Empire? Could it be a case of creating a long lasting vote bank in the South?
All questions with no ready answers. Only a deep probe can ferret out the truth.
Bandula Weerawardena
Prabath’s association with the FF pre-dates Dilshan’s involvement with Asset Networks (Pvt) Ltd and Asset International, in a manner of speaking. It began in 2005 when Bandula Weerawardena, who was then the sole liaison man for Chinese investors, switched his allegiance from President Chandrika Kumaratunga to Mahinda Rajapaksa.

Bandula’s dealings as local agent for the Chinese companies were carried through his Bahama based Celweera Trading Limited. The scene changed by end 2006. Mahinda Rajapaksa became the President and his family set up several front companies to deal with the Chinese investors.
The FF ventures soon took over Bandula’s Chinese liaison work and sole agency work to his dismay though he had funded liberally Rajapaksa’s bid for presidency. He has either been replaced or his role is drastically reduced in the process; he is still around though; he shuttles between Communist China and Colombo, and spends time mostly in China.

When and how Prabath entered the scene is shrouded in mystery. He appears to have started his association with the FF in partnership with Bandula himself. And the decline of Bandula heralded the growth of Prabath Empire. `
Till five-six years back, Prabath Nanayakkara, mainly owned and ran the hereditary ‘Mount Jean Tea Plantation’, which employees about 200 workers. Today, it is difficult to estimate the exact worth of his business empire.
Prabath and Dilshan's hand has become omnipresent with several projects that span the entire spectrum from highways to expressways and from roads and bridges to buildings.

Metallurgical Construction Co. (MCC), China Harbour Engg Co. (CHEC), Sinohydro Corp, China National Machinery & Equipment (CMEC), and China Huanqiu Contracting & Engineering Corporation (HQCEC) are the main Chinese players in Sri Lanka. These companies are doing virtually all the Chinese funded projects in the countries. Prabath’s Asset Holdings is representing them though it is said that the tie-up with CMEC isn’t exclusive.
The Commission
As local agent, its commission depends on the value of the project negotiated. Generally, it is said to be range between 10 and 15 percent of the contract value. Sometimes, it can be a little more depending upon the circumstances of the deal like, for instance, competition.
· CHEC and Sinohydro has implemented the first phase of US$ 360 million Hambantota port; both are in talks to take up the second stage worth US$ 1.0 billion plus.

· CHEC is also implementing Hambantota International airport; it executed a part of Southern Expressway at a cost of US$ 200 million.
· Sinohydro is mostly into road projects. It recently bagged US$ 252 million Moragahakanda Reservoir project.
· CMEC is setting up coal fired Norochcholai project to generate 900 MW. The project cost: US$1.5 billion.
· HQCEC executed Hambantota Bunkering& Tank Farm project (US$ 76.5 million) and is negotiating modernization and expansion of Sapugaskanda refinery (US$2.0 billion).

The Lankan Tilt for ChinaIt will be patently unfair to say that the tilt towards Beijing is a Rajapaksa innovation to win the Wanni War. The credit for taking Sri Lanka into China’s fold goes to Chandrika’s mother, Sirimao Bandaranayke, while her predecessor, JR Jayewardene, opened the windows to Pakistan.
Under Rajapaksas the ties with Beijing and Islamabad have become deepened and widened. Yes, he has personally ensured the successful sailing of several Chinese projects, while letting the Pakistani leaders put their money in the Lankan bourses.

Informed observers say that the commissions to the FF would be much more than US $ 120 to 180 million per year projected at the outset in this article. The projection factors in only pure vanilla commission through Chinese projects alone, according to them.
So what would be the real ‘intake’? It would be anywhere between US $ 400 and $ 500 million per year, say the knowledgeable.------

'Forty thousand may have died' - UN

Forty thousand may have died' - UN
New disclosures about a United Nations (UN) report into the Sri Lankan civil war say it estimates that up to forty-thousand civilians were killed in the final phase of the conflict.


The figures were leaked by the Island newspaper and have since been confirmed by the UN.
"A number of credible sources have estimated that there could have been as many as 40,000 civilian deaths. Two years after the end of the war, there is still no reliable figure for civilian deaths, but multiple sources of information indicate that a range of up to 40,000 civilian deaths cannot be ruled out at this stage" says the report compiled by the UN expert pannel.
Indiscriminate shelling
The report accuses the Srilankan government forces of indiscriminate shelling causing civilian deaths and hindering of humanitarian assistance provided by ships of the International Red Cross (ICRC).
The report recommends a proper investigation which can lead to the identification of all of the victims and to the formulation of an accurate figure for the total number of civilian deaths.
The full report is expected to be published soon.
The Sri Lankan government, which was given a copy last week, has already rejected its findings.