Wednesday, 27 November 2013

ක්‍රිස් හොර ගිවිසුමට නාමල්ගේ නීතිඥ සමාගමෙන් උපදෙස්

ක්‍රිස් හොර ගිවිසුමට නාමල්ගේ නීතිඥ සමාගමෙන් උපදෙස්




මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ඉන්දියාවේ 'ක්‍රිෂ් සමාගමේ ' ගිවිසුම සඳහා නීති උපදෙස් සහ ගිවිසුම් කෙටුම්පත් කිරීම සිදු කොට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ' N R Associates' නීතිඥ සමාගම විසිනි. කොළඹ කොටස් මාෆියාවේ ප්‍රභලයෙකු වන කෝටිපති ව්‍යාපාරික නිමල් පෙරේරාට අයත් ගවර් වීදියේ කාර්යාලයක නාමල් රාජපක්ෂ මහතා තම නීතිඥ සමාගම වන ' N R Associates' පවත්වා ගෙන යනු ලබයි. ඒ සඳහා නිමල් පෙරේරා කිසිදු අයකිරීමක් සිදු නොකරන්නේ ඔහුට ඊට වඩා ප්‍රතිලාභයක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ලැබිය හැකි හෙයිනි. මෙම කාර්යාලය නාමල්ට ලබා දීමට මැදි හත් වී ක්‍රියාකර ඇත්තේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා විසිනි.
ඉන්දියාවේ 'ක්‍රිෂ් සමාගම ' තම කීර්ති නාමයට නොගැලපෙන ආකාරයට ශ්‍රී ලංකාව තුල කටයුතු කරමින් සිටින්නේ එම සමාගම මේ වන විට කොළඹ කොටස් මාෆියාවේ ඍජු ග්‍රහනයට ලක්ව ඇති හෙයිනි. සමාගම ශ්‍රී ලංකාව තුල සංස්ථාපනය කිරීමට අවශ්‍ය නීති උපදෙස් හා නාගරික සංවර්ධන අධිකාරිය සමග ඇති කර ගන්නා ගිවිසුම් කෙටුම්පත් කිරීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් නීතිඥ සමාගම යොදා ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවාය. එම හිතවත් කම මත මූලික අවසරය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක් (රුපියල් කෝටි 45 ක් ) ලබා ගන්නා ලෙස නාමල් රාජපක්ෂ ආචාර්ය නාලක ගොඩහේවාට කෙටි දුරකතන පණිවිඩයක් (Text message) යවන ලද්දේ මෙම විශ්වාසය උඩය. ඒ බව අප කලින් වාර්තා කලෙමු. (විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපතිගේ ජීවිතය අනතුරේ!)
මෙසේ ඉන්දීය ‘ක්‍රිස් සමාගමෙන් ' ලබා ගන්නා ලද ඩොලර් මිලියන 3.5 කින් වැඩි ප්‍රමාණයක් නාමල් රාජපක්ෂ මහතාට අයත් සිංගප්පූරුවේ HSBC බැංකුවේ තැන්පත් කොට ඇත. මීට අදාළ ලදු පත විපක්ෂයේ ඉහළම පුද්ගලයෙකුට ලබා දී ඇත්තේ ‘ක්‍රිස් සමාගමේ' හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරියා (CFO) විසිනි. ද්‍රවිඩ ජාතිකයෙකු වන මොහු මෙසේ මෙම සංවේදී තොරතුරු විපක්ෂයට හා ජනමාධ්‍යයන්ට ලබා දී ඇත්තේ කොළඹ ‘ක්‍රිස් සමාගම ' හා ඇති වූ ආරවුලක් හේතුවෙනි. පොරොන්දු වූ ආකාරයට තම දීමනා ලබා නොදීම මෙම ආරවුලට හේතු වී ඇත. මෙම පුද්ගලයා මේ වන විට රටෙන් බැහැරව ගොස් ඇති බැවින් අප මෙම තොරතුරු හෙලි කරන්නෙමු. මෙම කොමිස් ගණුදෙනුවට අදාළ පාර්ශව මෙය සම්පූර්ණයෙන්ම බොරුවක් බව ප්‍රකාශ කළ ද විනිමය හා සුරැකුම් පත් කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා විසින් මිලියන 40 ක මුදලක් ‘ක්‍රිස් සමාගමට' නැවත ගෙවන ලද්දේ කවර හේතුවක් නිසා දැයි කිසිවකු ප්‍රශ්න නොකරයි. එසේ මිලියන 40 ක මුදලක් නැවත ගෙවීම තුලින් පැහැදිලි වන්නේ ඔහු කොමිස් මුදල් ලබා ගත් බවයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ' N R Associates' නීතිඥ සමාගමේ මෙම ‘ක්‍රිස් සමාගමට' අයත් ලිපි ගොනුව බාර දී ඇත්තේ සුජානි බෝගොල්ලාගම නැමැති නීතිඥවරියකටය. සුජානි බෝගොල්ලාගම යනු අභාවප්‍රාප්ත ජනක බෝගොල්ලාගම මහතාගේ දියණියයි. බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින ඇය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතම හිතවතියකි. ඇගේ පරිහණය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් නවීන පන්නයේ BMW මෝටර් රථයක් පවා ලබා දී ඇත. ‘ක්‍රිස් සමාගමේ' කොමිස් ගණුදෙනුව හෙලි දරව් වූ වහාම නාමල් රාජපක්ෂගේ උපදෙස් මත සුජානි බෝගොල්ලාගම විසින් ‘ක්‍රිස් සමාගමේ' සියලුම ලිපි ලේඛණ පැලවත්තේ සිය නිවසට රැගෙන ගොස් ඇත. එසේ ලිපි ලේඛණ ගෙදරට ගෙන ඒම සම්බන්ධයෙන් සුජානිගේ මව ඇයට දැඩි විරෝධයක් දක්වා ඇත. නමුත් සුජානි මේ වන විට සිය මවට වඩා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පක්ෂ පාතී බවක් දක්වයි. ‘ක්‍රිස් සමාගමේ' ලිපි ලේඛණ සොයා මාධ්‍යවේදිනී මන්දනා අබේවික්‍රමගේ නිවසට හමුදාවෙන් පැමිණි ආකාරයට තම නිවසට ද හමුදාවෙන් පැමිනෙතැයි මව විසින් සුජානිට පැවසූ විට ඇය පවසා ඇත්තේ ‘නාමල්ගෙ දේවල් ගන්න නාමල් මිනිස්සු එවන්නේ නෑ' කියාය.

No comments:

Post a Comment