එක ණයක් වත් එක පැයක් වත් පරක්කු කරන්නේ නෑ ගෙවනවා- ජනපති
රට පුරා සිදුවන විවිධ ඉදිකිරීම් සඳහා චීනයෙන් හා අනෙකුත් රට වලින් අසීමිතව ණය ලබාගන්න බව රජයට නැඟෙන චෝදනාවක්.
මේ පිළිබඳව සරත් අමුණුගම විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ 2013 වසරේ ජූලි මාසය වනවිට නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. ත්‍රිලියන 6.52ක් බවයි.
ලංකාවේ නොපියවූ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට ලක්ෂ 03 ඉක්මවා තිබේ. එය රු. 321,472 කි.
එම ණය ප්‍රමාණයෙන් 1/6ක් පමණ ලබාගෙන ඇත්තේ 2012 වර්ෂයේ වන අතර මේ වන විට ජනාධිපතිවරයා විසින් කෙටිකාලීන ඉහළ පොලී අනුපාත යටතේ චීන බැංකුවලින් තවත් රුපියල් බිලියන 281.6ක ණය මුදලක් ලබාගැනීමට පසුගිය චීන සංචාරයේදී කටයුතු කර තිබුණි.
2011 වසරේදී ශ්‍රී ලංකා රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,133 ක් වූ අතර එය 2012 දී එය රුපියල් බිලියන 6,000ක් විය
2005 වසරේදී ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 112,993 කි.
2009 අගවන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 212,358 කි.
2012 අවසන් වනවිට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 295,165 කි.
2013 වසරේ ජූලි මාසය වනවිට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 321,472 කි.
මේ තත්ත්වය යටතේ මෙරට ඒකපුද්ගල ණය ප‍්‍රමාණය ලබන වසර අවසන් වන විට රුපියල් හාරලක්‍ෂය දක්වා ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ
මේ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී සරත් අමුණුගම පවසද්දී විපක්ෂයේ මංත්‍රීවරුන් ඇසූ ප්‍රශ්ණ වලට අමාත්‍යවරයා පැවසුවේ එතරම් ණය ප්‍රමාණයක් ලබාගැනීම එච්චර ලොකු ප්‍රශ්නයක් නොවන බවයි.
ලංකාවේ එක පුද්ගල ආදායම එකලොස්දාස් ගාණක් මාසෙකට. ඒත් මේ ණය ප්‍රමාණය තියනවා ලක්ෂ තුනයි ගාණක්. දැන් කවුද මේවා ගෙවන්නේ?
අපි මේ සභාවේ කතා කරන්නේ සංඛ්‍යාලේඛන ගැන.
දැන් ඔබ තුමා පිළිගන්නවද මේ වැඩිවන ණය ප්‍රමාණය රටට දරාගන්න බෑ කියලා.
නෑ මම කොහෙත්ම පිළිගන්නේ නෑ. ඒක එච්චර ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි අපිට.
No comments:
Post a Comment