Wednesday, 27 November 2013

ක්‍රිස් හොර ගිවිසුමට නාමල්ගේ නීතිඥ සමාගමෙන් උපදෙස්

ක්‍රිස් හොර ගිවිසුමට නාමල්ගේ නීතිඥ සමාගමෙන් උපදෙස්




මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ඉන්දියාවේ 'ක්‍රිෂ් සමාගමේ ' ගිවිසුම සඳහා නීති උපදෙස් සහ ගිවිසුම් කෙටුම්පත් කිරීම සිදු කොට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ' N R Associates' නීතිඥ සමාගම විසිනි. කොළඹ කොටස් මාෆියාවේ ප්‍රභලයෙකු වන කෝටිපති ව්‍යාපාරික නිමල් පෙරේරාට අයත් ගවර් වීදියේ කාර්යාලයක නාමල් රාජපක්ෂ මහතා තම නීතිඥ සමාගම වන ' N R Associates' පවත්වා ගෙන යනු ලබයි. ඒ සඳහා නිමල් පෙරේරා කිසිදු අයකිරීමක් සිදු නොකරන්නේ ඔහුට ඊට වඩා ප්‍රතිලාභයක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ලැබිය හැකි හෙයිනි. මෙම කාර්යාලය නාමල්ට ලබා දීමට මැදි හත් වී ක්‍රියාකර ඇත්තේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා විසිනි.
ඉන්දියාවේ 'ක්‍රිෂ් සමාගම ' තම කීර්ති නාමයට නොගැලපෙන ආකාරයට ශ්‍රී ලංකාව තුල කටයුතු කරමින් සිටින්නේ එම සමාගම මේ වන විට කොළඹ කොටස් මාෆියාවේ ඍජු ග්‍රහනයට ලක්ව ඇති හෙයිනි. සමාගම ශ්‍රී ලංකාව තුල සංස්ථාපනය කිරීමට අවශ්‍ය නීති උපදෙස් හා නාගරික සංවර්ධන අධිකාරිය සමග ඇති කර ගන්නා ගිවිසුම් කෙටුම්පත් කිරීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් නීතිඥ සමාගම යොදා ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවාය. එම හිතවත් කම මත මූලික අවසරය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක් (රුපියල් කෝටි 45 ක් ) ලබා ගන්නා ලෙස නාමල් රාජපක්ෂ ආචාර්ය නාලක ගොඩහේවාට කෙටි දුරකතන පණිවිඩයක් (Text message) යවන ලද්දේ මෙම විශ්වාසය උඩය. ඒ බව අප කලින් වාර්තා කලෙමු. (විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපතිගේ ජීවිතය අනතුරේ!)
මෙසේ ඉන්දීය ‘ක්‍රිස් සමාගමෙන් ' ලබා ගන්නා ලද ඩොලර් මිලියන 3.5 කින් වැඩි ප්‍රමාණයක් නාමල් රාජපක්ෂ මහතාට අයත් සිංගප්පූරුවේ HSBC බැංකුවේ තැන්පත් කොට ඇත. මීට අදාළ ලදු පත විපක්ෂයේ ඉහළම පුද්ගලයෙකුට ලබා දී ඇත්තේ ‘ක්‍රිස් සමාගමේ' හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරියා (CFO) විසිනි. ද්‍රවිඩ ජාතිකයෙකු වන මොහු මෙසේ මෙම සංවේදී තොරතුරු විපක්ෂයට හා ජනමාධ්‍යයන්ට ලබා දී ඇත්තේ කොළඹ ‘ක්‍රිස් සමාගම ' හා ඇති වූ ආරවුලක් හේතුවෙනි. පොරොන්දු වූ ආකාරයට තම දීමනා ලබා නොදීම මෙම ආරවුලට හේතු වී ඇත. මෙම පුද්ගලයා මේ වන විට රටෙන් බැහැරව ගොස් ඇති බැවින් අප මෙම තොරතුරු හෙලි කරන්නෙමු. මෙම කොමිස් ගණුදෙනුවට අදාළ පාර්ශව මෙය සම්පූර්ණයෙන්ම බොරුවක් බව ප්‍රකාශ කළ ද විනිමය හා සුරැකුම් පත් කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා විසින් මිලියන 40 ක මුදලක් ‘ක්‍රිස් සමාගමට' නැවත ගෙවන ලද්දේ කවර හේතුවක් නිසා දැයි කිසිවකු ප්‍රශ්න නොකරයි. එසේ මිලියන 40 ක මුදලක් නැවත ගෙවීම තුලින් පැහැදිලි වන්නේ ඔහු කොමිස් මුදල් ලබා ගත් බවයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ' N R Associates' නීතිඥ සමාගමේ මෙම ‘ක්‍රිස් සමාගමට' අයත් ලිපි ගොනුව බාර දී ඇත්තේ සුජානි බෝගොල්ලාගම නැමැති නීතිඥවරියකටය. සුජානි බෝගොල්ලාගම යනු අභාවප්‍රාප්ත ජනක බෝගොල්ලාගම මහතාගේ දියණියයි. බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින ඇය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතම හිතවතියකි. ඇගේ පරිහණය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් නවීන පන්නයේ BMW මෝටර් රථයක් පවා ලබා දී ඇත. ‘ක්‍රිස් සමාගමේ' කොමිස් ගණුදෙනුව හෙලි දරව් වූ වහාම නාමල් රාජපක්ෂගේ උපදෙස් මත සුජානි බෝගොල්ලාගම විසින් ‘ක්‍රිස් සමාගමේ' සියලුම ලිපි ලේඛණ පැලවත්තේ සිය නිවසට රැගෙන ගොස් ඇත. එසේ ලිපි ලේඛණ ගෙදරට ගෙන ඒම සම්බන්ධයෙන් සුජානිගේ මව ඇයට දැඩි විරෝධයක් දක්වා ඇත. නමුත් සුජානි මේ වන විට සිය මවට වඩා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පක්ෂ පාතී බවක් දක්වයි. ‘ක්‍රිස් සමාගමේ' ලිපි ලේඛණ සොයා මාධ්‍යවේදිනී මන්දනා අබේවික්‍රමගේ නිවසට හමුදාවෙන් පැමිණි ආකාරයට තම නිවසට ද හමුදාවෙන් පැමිනෙතැයි මව විසින් සුජානිට පැවසූ විට ඇය පවසා ඇත්තේ ‘නාමල්ගෙ දේවල් ගන්න නාමල් මිනිස්සු එවන්නේ නෑ' කියාය.

2013 වසරේ ඒක පුද්ගල ණය රු. 321,472ක්. ඒත් මේ ණය රටට බරක් නෙවෙයි- අමුණුගම

එක ණයක් වත් එක පැයක් වත් පරක්කු කරන්නේ නෑ ගෙවනවා- ජනපති
රට පුරා සිදුවන විවිධ ඉදිකිරීම් සඳහා චීනයෙන් හා අනෙකුත් රට වලින් අසීමිතව ණය ලබාගන්න බව රජයට නැඟෙන චෝදනාවක්.

මේ පිළිබඳව සරත් අමුණුගම විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ 2013 වසරේ ජූලි මාසය වනවිට නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. ත්‍රිලියන 6.52ක් බවයි.

ලංකාවේ නොපියවූ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට ලක්ෂ 03 ඉක්මවා තිබේ. එය රු. 321,472 කි.

එම ණය ප්‍රමාණයෙන් 1/6ක් පමණ ලබාගෙන ඇත්තේ 2012 වර්ෂයේ වන අතර මේ වන විට ජනාධිපතිවරයා විසින් කෙටිකාලීන ඉහළ පොලී අනුපාත යටතේ චීන බැංකුවලින් තවත් රුපියල් බිලියන 281.6ක ණය මුදලක් ලබාගැනීමට පසුගිය චීන සංචාරයේදී කටයුතු කර තිබුණි.


2011 වසරේදී ශ්‍රී ලංකා රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,133 ක් වූ අතර එය 2012 දී එය රුපියල් බිලියන 6,000ක් විය

2005 වසරේදී ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 112,993 කි.
2009 අගවන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 212,358 කි.
2012 අවසන් වනවිට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 295,165 කි.
2013 වසරේ ජූලි මාසය වනවිට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 321,472 කි.


මේ තත්ත්වය යටතේ මෙරට ඒකපුද්ගල ණය ප‍්‍රමාණය ලබන වසර අවසන් වන විට රුපියල් හාරලක්‍ෂය දක්වා ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ

මේ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී සරත් අමුණුගම පවසද්දී විපක්ෂයේ මංත්‍රීවරුන් ඇසූ ප්‍රශ්ණ වලට අමාත්‍යවරයා පැවසුවේ එතරම් ණය ප්‍රමාණයක් ලබාගැනීම එච්චර ලොකු ප්‍රශ්නයක් නොවන බවයි.

ලංකාවේ එක පුද්ගල ආදායම එකලොස්දාස් ගාණක් මාසෙකට. ඒත් මේ ණය ප්‍රමාණය තියනවා ලක්ෂ තුනයි ගාණක්. දැන් කවුද මේවා ගෙවන්නේ?
අපි මේ සභාවේ කතා කරන්නේ සංඛ්‍යාලේඛන ගැන. 

දැන් ඔබ තුමා පිළිගන්නවද මේ වැඩිවන ණය ප්‍රමාණය රටට දරාගන්න බෑ කියලා.
නෑ මම කොහෙත්ම පිළිගන්නේ නෑ. ඒක එච්චර ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි අපිට. 





Who Is ගෝඨාභය රාජපක්ෂ

Who Is ගෝඨාභය රාජපක්ෂ 
Place of birth -Matara, Sri Lanka
Allegiance -Sri Lanka
Service/branch -Sri Lankan Army
Years of service -1971 – 1992
Rank -Lieutenant Colonel
-Unit Gajaba Regiment
Commands held -1st Gajaba Regiment
-General Sir John Kotelawala Defence University
Battles/wars -Eelam War I
-Eelam War II
-Eelam War IV
Awards - -Rana Wickrama Padakkama
-Rana Sura Padakkama
Doctor of Letters (Honoris Causa), UoC
Other work - Defence Secretary, Sri Lanka 


Military career 
Rajapaksa joined the Sri Lanka Army as a Cadet Officer on April 26, 1971 , when Sri Lanka was still a dominion of the British Commonwealth. He was commissioned as a Second Lieutenant on May 25, 1972 and given his first command as an officer in the Ceylon Signals Corps. Thereafter he served with in the Sri Lanka Sinha Regiment and the Rajarata Rifles before being transferred to the Gajaba Regiment upon its formation in 1983 with the amalgamation of the Rajarata Rifles and Vijayabahu Infantry Regiment.[4]
He rose up the ranks in the military, serving as the second in command of the 1st Gajaba Regiment from 1983 - 1990. He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He also commanded the same battalion in Operation "Strike Hard" and Operation "Thrivida Balaya" in 1990. He was promoted to Lieutenant Colonel, and served as the Commandant of the Kotelawala Defence Academy at the time of his retirement in 1992. 


Early life 
Gotabaya Rajapaksa was born in Palatuwa in the Matara District,[citation needed] and brought up in Weerakatiya in the southern rural district of Hambantota.[citation needed] According to a writer called Narada Karunthilaka, the name Gotabaya means "Abhaya, the Giant" or "fearless giant" in the Jat language.[3] He hails from a well known political family in Sri Lanka. His father, D. A. Rajapaksa, was a prominent politician, independence agitator, Member of Parliament,Deputy Speaker and Cabinet Minister of Agriculture and Land in Wijeyananda Dahanayake's government. His uncle, D.M. Rajapaksa, was a State Councilor for Hambantota in the 1930s. His brother, Mahinda Rajapaksa was first elected to parliament as a member of the Sri Lanka Freedom Party at the age of 24 in 1970. He gradually rose through the ranks of the party, becoming opposition leader in 2001, Prime Minister in 2004 and the President of Sri Lanka in 2005. Two of his other brothers, Chamal Rajapaksa and Basil Rajapaksa, are also in the politics being current Members of Parliament.
He obtained his primary and secondary education at Ananda College, Colombo 

Tuesday, 26 November 2013

සූදුපොළ වැටලූ පොලීසිය මාරු කළ "හුලා" නැමැත්තෙක් හඳුනාගන නෑ- අගමැත

කවුද මේ හුලා?-අනුර
අපි දන්නේ නෑ- අගමැති

කොළඹ නගර ශාලාව අසල පිහිටි මහා පරිමාණ සූදු පොළක් වැටලීමෙන් පසු ඊට සම්බන්ධ වූ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 23 දෙනකු මාරු කර යැවුණා.

මේ සම්බන්ධයෙන් අනුර කුමාර මංත්‍රීවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබුණේ මෙම සූදු පොළ වැටලීමට සම්බන්ධ වූ නිළධාරීන් මාරු කර යැවීමට ආණ්ඩුවේ "හුලා" නම් පුද්ගලයෙකු සම්බන්ධ බවට මාධ්‍ය වල පලවී තිබෙන බවයි.

"මේ සම්බන්ධයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලව කතා බහට ලක්ව තිබුණේ "හුලා" නැමැත්තෙක් මේ මාරු කිරීම් පිටුපස සිටින බවයි, බූරු පිටියක් වටලන එක වලක්වපු බූරුවා කවුද කියලා ඊයේ ඇමතිවරයෙක් ඇහුවා. ඒ බූරුවා තමයි මේ. 


මේ තත්ත්වය තුළ විශේෂයෙන් පොලිස් සේවය තුළත් පොදුවේ රාජ්‍ය සේවය තුළත් තහවුරු වනු ඇත්තේ අවංකව රාජකාරී කරන පොළිස් නිලධාරීන් පළිගැනීමට ලක්වන බවයි. මෙම නිළධාරීන් විසින් සිදු කරන ලද එම සූදු පොල වැටලීම හේතුවෙන් මෙම මාරු කිරීම හුදු දේශපලන බලයෙන් සිදුකරන ලද්දක් බව පේනවා ඉතා පැහැදිලිව
" යනුවෙන් ප්‍රකාශ කළ මංත්‍රීවරයා විසින් පහත ප්‍රශ්න අසා තිබුණා. 

ඒවාට අගමැතිවරයා විසින් පිළිතුරු ලබා දී තිබුනේ මෙලෙසින්.

සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාශය හැරෙන්නට අදාල සිදුවීමට පෙර පොලීසියේ වෙනත් අංශයක් විසින් මෙම සූදු ඔට්ටු ඇල්ලීමේ ස්ථානය වටළනු ලැබ තිබේද? තිබේනම් ඒ කවර දිනවලද?
ඔව්. මෙම ස්ථානයට මීට පෙර අවස්ථා හතරකදී පොලීසියේ වෙනත් අංශ මඟින් වැටලීම් කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත. සංවිධානාත්මක අපරාධ හා දූෂණ දූෂණ මර්ධන කොට්ඨාශය මඟින්ද මීට පෙර එක් අවස්ථාවකදී වැටලීම් සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

දැනට විසුරුවා හැර ඇති සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාශය නැවත ස්ථාපිත කරලීමට කටයුතු කරන්නේද? එමගින් ආරම්භ කර ඇති නඩු කටයුතු බිඳ නොවැටීමට වගබලා ගන්නේද?
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසිරුවා හැරීමක් සිදුකර නොමැති අතර එහි අධ්‍යක්ෂවරයා ස්ථානාධිපතිවරයා හා සෙසු තවත් නිළධාරීන් සුපුරුදු පරිදි රාජකාරී කටයුතු වල යොදවා ඇත. 2013.11.06 දින ස්ථාන මාරුවීම් ලබා ගිය නිළධාරීන් වෙනුවට නව නිළධාරීන් වශයෙන් පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂක වරයෙක්, පොලිස් සැරයන් නිළධාරීන් දෙදෙනෙක්, හා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් අනුයුක්ත කොට ඇත. ඉදිරියදී තවත් නිළධාරීන් අනියුක්ත කර තවදුරටත් මෙම කොට්ඨාශය ශක්තිතිමත් කිරීමට කටයුත් කරනු ලැබේ.

ස්ථාන මාරුකිරීම් වලට ලක්කළ පොලිස් නිලධාරීන්ගේ මාරුකිරීම් අවලංගු කිරීමට කටයුතු කරන්නේද?
නැත. ස්ථාන මාරුවීම් සිදුකරණු ලැබුවේ නිළධාරීන්ගේ රාජකාරු අසතුටු හා අකාර්යක්ෂම මට්ටමක පැවති නිසා බැවින් එම ස්ථාන මාරු අවලංගු කරණු නොලැබේ. මෙම නිළධාරීන්ගේ කාර්යක්ෂමතාවය ඉතා පහල මට්ටමක පැවතීම නිසා එහි සිටි නිළධාරීන් 23 දෙනෙකු මාරු කර යවන ලෙස නිර්දේශිත විස්තරාත්මක වාර්තාවක් 2013.10.24 දින ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව පොලිස්පතිවරයා විසින් 2013.10.27 දින අනුමැතිය ලබාදී ඇති අතර එම නිළධාරීන් 23 දෙනා වෙත. 2013.11.06 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබාදී ඇත.

සලාකා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය කැසිනෝ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථානය වැටලූ පොලිස් නිලධාරීන් මාරුකිරීමට මැදිහත් වූයේ යැයි කියනු ලබන "හුලා" නැමැත්තා කවුද? ඔහු සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද?
පොලිස් නිළධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් සඳහා කිසිදු තැනැත්තෙකු මැදිහත්වී නොමැත. "හුලා" නැමැති තැනැත්තෙකු හඳුනාගන නොමැත.

පොලීසියට සිදුවන දේශපාලන මැදහත්වීම් නතර කරගැනීමටත් එම නිලධාරීන්ට බලපෑම්වලින් තොරව රාජකාරී කරගැනීමටත් අවශ්‍ය පරිසරය ගොඩනැගිය යුතු බව පිළිගන්නේද? ඒ සඳහා ගනු ලැබ ඇති ක‍්‍රියාමාර්ග කවරේද?
පොලිස් නිළධාරීන්ගේ රාජකාරී කටයුතු සඳහා දේශපාලන බලපෑම් ඇති බව නොපිළිගනිමි

එම වීඩියෝව පහතින්.


Thursday, 7 November 2013



පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව මෙරටදී පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1400 ක පමණ මුදලක් රජය වැයකර ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කරයි.

මෙම මුදල වැරදි නම් ඒ සඳහා වැයවූ නිවැරදි මුදල රටට හෙළි කරන ලෙස එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

චාල්ස් කුමරු සමග පොටෝ එකක් ගැසීම වෙනුවෙන් රුපියල් බිලියන 14 ක මුදලක් වැය කරමින් ශ්‍රී ලංකාව වාර්තාවක් තබා ඇති බවත්, සමුළුවට ගිය වියදම් මෙතෙක් ආණ්ඩුව හෙළි කර නැති බවත් හෙතෙම කීවේය.

බස්, මෝටර් රථ ඇතුළු ගමන් වියදම් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 4300ට වැඩි බවද තිස්ස අත්තනායක මහතා පැවසීය.

අමුත්තන්ට සංග්‍රහ වියදම රුපියල් මිලියන 3000ක්ද ඔවුන්ට ආරාධනා කිරීම සඳහා විදෙස් ගමන් ඇතුළුව වැය කර ඇති මුදල රුපියල් මිලියන 500ක් බවද මාධ්‍යවේදියෙකු සඳහා වියදම රුපියල් 100,000ක් බවද හෙතෙම කීවේය.

චොගම් සමුළුවේ සමාරම්භක උත්සවයට රුපියල් මිලියන 400ක් ද වැය කර ඇති බවත් ඒ අනූව සමස්තයක් ලෙස රුපියල් බිලියන 10 -14ත් අතර මුදලක් මේ සඳහා වැය කර ඇති බවත් එය ජනතාවගෙන් 'චොගම් ටැක්ස්' ලෙස බදු අය කර ගනු ඇති බවත් ඔහු පැවසීය.

රටවල් 54කින් රාජ්‍ය නායකයින් පැමිණියේ 21ක් බවත් එක් රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් ආණ්ඩුව වැය කර ඇති මුදල රුපියල් කෝටි 70ට වැඩි බවත් මෙම ගණන් වැරදී නම් නිවැරදි ගණන් හෙළිකරන්නැයි ආණ්ඩුවට බල කරන බවද අත්තනායක මහතා කියා සිටියේය.

රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකි, ගොවි විශ්‍රාම වැටුප් ලබාදීමට නොහැකි, රෝහල්වලට බෙහෙත් පෙත්තක් ලබාදීමට නොහැකි ආණ්ඩුව මෙතරම් ධනස්කන්ධයක් චොගම් සමුළුවට වැය කළේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

චාල්ස් කුමාරයා සමග පොටෝ එකක් ගැසීමට මෙතරම් මුදලක් වැය කළ ආණ්ඩුව වෙනුවෙන් ඉදිරියේදී ජනතාවට 'චොගම් ටැක්ස්' ගෙවීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.