Friday, 17 January 2014

කුඩු කන්ටේනරයේ හිමිකරු ගෙදර ඇවිත් කෑමත් කෑවා- අගමැති

කුඩු කන්ටේනරයේ හිමිකරු ගෙදර ඇවිත් කෑමත් කෑවා- අගමැති

  • මට ලේකම්ලා 10ක් ඉන්නවා.
  • කන්ටේනරය නිදහස් කරන්න කියලා ලේකම්ට කිව්වේ මගේ පුතා
  • සෝබිත චීවරධාරියා නගරසභාවට කෙනෙක් දාන්න හැදුවා. දැම්මේ නෑ.
කුඩු කන්ටේනරයක් නිදහස් කිරීමට ලිපියක් නිකුත් කිරීම නිසා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට චෝදනා නැඟෙද්දී ඔහු විසින් සෝභිත හිමියන්ට චීවරධාරියා ලෙස ආමන්ත්‍රණය කිරීම නිසා එම ගැටුම තවත් වැඩි වුණා.

මේ අතර අගමැති පුතාගේ ජන්ද වැඩට මුදල් වියදම් කළේ මෙම කුඩු කන්ටේනරයේ හිමිකරුවන් බවට පසුගිය කාලයේ චොදනා නැඟෙද්දී අගමැතිවරයා පැවසුවේ එය නිදහස් කිරීමට ලේකම්ට කිව්වේ තම පුතා බවයි.

කුඩු කන්ටේනරයේ හිමිකරු තමන්ගේ නිවසට පැමිණ කෑම කෑ බවත්, සෝභිත හිමියන් තමන්ට චෝදනා කරන්නේ ගම්පොල නගර සභාවට කෙනෙක් දාගත නොහැකිවූ නිසා බවත් අගමැතිවරයා ඊයේ පැවසුවා.


"වෙන අමාත්‍යාංශ වල ඉන්නේ ලේකම්ලා එක්කෙනයි. ඒත් මට දහ දෙනෙක් ඉන්නවා. එක එක්කෙනාට එක එක වැඩ බාර දීල තියෙන්නේ. මේ විට්ටච්චි ආවා.

ආ වාඩි වෙන්න, යාලුවෙක් ඉන්නවා. කෑම ටිකක් කමු. ආ එන්ඩ කියන්න එන්ඩ කියන්න. ආවා. මෙයා ලංකාවේ මනුස්සයෙක් නෙවෙයි. මම කවුද කියලා අහපුවහම කිව්වා අම්මා ඩුබායි ඉන්නවා, මමත් එහේ ගියා, එතකොට මෙයා ඇවිල්ලා තියනවා...ආ එහෙමද, එහෙනම් කෑම ටිකක් කමු කිව්ව

එතකොට මෙයා තේකොල ගෙනියන්නද මොනවද ගෙනියන්න ආවා, මට හරියටම මතක නෑ. පස්සේ වත්තක් බලන්නත් ගිහින් තියනවා. එතකොට පුතාට කියලා තියනවා මෙයා , කවුද විට්ටච්චි, මෙයා මගේ යාලුවෙක්. බඩුවගයක් ගෙනල්ලා තියනවා. මාස දෙකක් විතර වරායේ තියෙන්නේ ගන්ඩ විදිහක් නෑ, හරි මුදලක් අය වෙලා තියනවා මාස දෙකක් නිසා, ඒක ටිකක් අඩු කරලා හදලා දෙන්න කියලා

පුතා කතා කරලා කියලා තියනවා කීර්තිට, මේක පොඩ්ඩක් බලන්නකෝ කියලා. එච්චරයි.

මෙයා දන්නේ නැතුව ලිව්වද කොහොම ලිව්වද දන්නේ නෑ, ලියුමක් ලියලා තියනවා. ඒක ඇත්ත. එයා දන්නෙත් එච්චරයි. විට්ටච්චි දන්නෙත් ඔච්චරයි. පුතා දන්නෙත්, මම දන්නෙත් එච්චරයි.

පස්සේ මේක ඇරලා බලනකොට ටින් වල හෙරොයින් කියන එක තිබිලා තියනව,

සෝභිත කියලා චීවරධාරියෙක් කියලා තියනවා මේ විදිහට හෙරොයින් වලට ලියුම් යවලා තියනවා කියලා. අගමැති රිමාන්ඩ් කරන්න කියලා. අගමැති අස්වෙන්න ඕනේ කියනවා. ඉතින් බලන්න, සිවුරක් පොරවාගත්ත මනුස්සයෙක් ඔය විදිහට කතා කරනවදා? එයාට පොලිස් බලතල තියනවද? නඩුකාරයෙකුට විතරයි කියන්න පුළුවන්

මෙයා ගම්පොල නගරසභාවට බවලත් කෙනෙක් දාන්න හැදුවා. දැම්මේ නෑ. ඕන්න විරුද්ධ වෙන්න හේතුව.
"


Thursday, 16 January 2014

තංගල්ලේ සභාපති තවමත් නිදැල්ලේ

තංගල්ලේ සභාපති තවමත් නිදැල්ලේ

අධිකරණයේ පෙනී නොසිටීම නිසා, රුසියානු ජාතික තරුණියක් සමූහ දුෂණයකට ලක් කරමින් ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා මරාදැමූ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ ට පසුගිය 9 වනදා කොළඹ මහාධිකරණය වරෙන්තුවක් නිකුත් කෙරුණි.

නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීමට තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකිවී තිබේ. 


කොළඹ මහාධිකරණයේදී රෝහිනී වල්ගම විනිසුරුවරිය ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එදින සියළුම විත්තිකරුවන් අධිකරණයට පැමින සිටි නමුත් තුන් වන විත්තිකරු වන සම්පත් චන්ද්‍ර පුෂ්ප පැමිණ සිටියේ නැහැ.

ඔහු අධිකරණය මඟ හැර තිබුණේ ගාල්ලේ පසුද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ගන්නා බව අධිකරණයට දැන්වමිනි

2011 දෙසැම්බර් 25වනදා මෙම සමූහ දූෂණය හා මිනී මැරුම සිදුවී මේ වනවිට වසර 2කට අධික කාලයක් ගතවී තිබේ.

මොවුන්ට නඩු නොපැවරීම නිසා මීට පෙර කිහිපවිටක්ම බ්‍රිතාන්‍ය තානාපතිකාර්‍යාලය විසින් මෙම සිද්ධියට නඩු පවරන බව පවසා තිබුණි.

Boy Who Has Been Killed





Monday, 13 January 2014

මත්තල මොනරු ගැටීමෙන් හෙළිවන පාරිසරික ගැටළුව

පසුගිය සෙනසුරාදා දින මත්තල සිට දොහා කටාර් රාජ්‍යය දක්වා ගමන් ගත් ගුවන් යානයක මොනරුන් දෙදෙනෙක් ගැටීමෙන් සිදුවූ අනතුරක් ගැන පුවතක් මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී.

බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය Fly Dubai ගුවන් සේවයට අයත් වූවක් වන අතර එය ගමන් අරඹා තිබුණේ කටුනායකිනි. මත්තලට ගොඩබැස්වූ එය මැදපෙරදිග බලා පිටත්ව යන පුහුණු ශ්‍රමිකයන් 28 දෙනෙකු ඇතුළු මඟීන් 181 දෙනෙකු සමඟ ගමන් ආරම්භ කරන අතරතුර මෙම අනතුර සිදුවී තිබුණි.

එම අනතුර සිදුවීමෙන් විශාල හානියක් ගුවන් යානයට සිදු නොවුවත් එම අවස්ථාවේ එහි සිටි විදේශිකයන් කලබලයට පත්ව ඇත. ගුවන් සේවිකාවන් විසින් ඔවුන්ට සහය වී ඇතිඅතර කලබලයට පත්වූ විදේශිකයන් ඉන් බස්වා මත්තල ආසන්නයේ හෝටල් වල පහසුකම් ලබා දී ඇත්තේ එම අනතුර නිසා කල් දැමුණු ගුවන් ගමන නැවත යාමට ටික වෙලාවක් ගතවූ බැවිනි. 


2013 වසරේ මාර්තු මස මත්තල ගුවන්තොටුපොළ ආරම්භ කිරීමෙන් අනතුරුව මෙවන් අනතුරක් වූ තෙවැනි අවස්තාව මෙය වේ. අධිවේගී මාර්ගයක් ඉවත්කළ පසු එහි ගැවසෙන සුනඛයන් ඉවත්කළ හැකිවුවද මෙවැනි පරිසරයක ගුවන් පථයක් ඉදි වුවිට එහි සිටින සතුන් ඒ ආශ්‍රයෙන් ඉවත් කිරීම ලෙහෙසි පහසු නොවේ. ආරම්භයේදීම සිදුවූ අනතුරක් හේතුවෙන් එවන් අනතුරු වැළකීම සඳහා ගුවන්තොටුපොළ අධිකාරීන් විසින් වනසතුන් ගැවසෙන ජාල උල්පත් වසා දැමීමට ක්‍රියාකොට තිබුණි.

එයට අනතුරුව රතිඤ්ඤා පත්තුකොට කුරුල්ලන් එලවීමටද කටයුතු යොදා තිබුණි. වාර්ෂිකව ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ වාසස්ථාන බොහොමයක්ද පිහිටා ඇත්තේ මත්තල ගුවන්තොටුපොළට ආසන්නයෙන් බව පරිසරවේදීන් විසින් පෙන්වා දී ඇතිඅතර ගුවන් ගමන් වලට එයින් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් එයට වහාම ක්‍රියාමාර්ග ගන්න ලෙසත් ඔවුන් පෙන්වා දී ඇත.

පසුගිය සතියේ නිකුත් කල වාර්තා වලට අනුව මත්තල ආසන්නයේ සිටි මොනරුන් සිය ගණනක් හම්බන්තොට නගරයට හා ඒ ආසන්න ප්‍රදේශ වෙත ගොස් ඇත. එයට හේතුවී ඇත්තේ ගුවන් යානා වලින් නිකුත් වන අධික ශබ්ධය ඔවුන්ට ගෝචර නොවන නිසාවෙනි.

Wednesday, 8 January 2014

ආණ්ඩුවෙන් කුඩු ගේනවා, පොලීසියෙන් විකුණනවා- මාදුළුවාවේ සෝභිත හිමි

ආණ්ඩුවෙන් කුඩු ගේනවා, පොලීසියෙන් විකුණනවා- මාදුළුවාවේ සෝභිත හිමි

මීට මාස කිහිපයකට පෙර මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් පවසා තිබුණේ ලංකාවේ අධිකරණයයි නීතියයි බල්ලට ගිහින් තිබෙන බවයි.

කැසිනෝ විරෝධී ව්‍යාපාරය සංවිධානයනය කල සම්මන්ත්‍රණයක් ඊයේ කලුතරදී පැවැත්වුණා

එහිදී මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ ආණ්ඩුව කුඩු ගෙන්වන බවත්, පොලීසිය විකුණන බවත්ය.


"විෂ මත්පැන් වලින් මුලු දේශයම විනාශ වෙනවා අපේ ඇහැට පෙනි පෙනී. දැන් පාර්ලිමේතුවේදී අමුණුගම ඇමතිතුමා අත දික්කරලා කියනවා මේකට අපේ ඇමතිවරු සම්බන්ධයි කියලා. අපි නෙවෙයි කියන්නේ, අමුණුගම ඇමතිතුමා

එතකොට දෙයියනේ රජයම සම්බන්ධ නම් කුඩු වලට, එතනෝල් වලට, කාටද දෙයියනේ මේ ගැන කියන්නේ? වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි අමාරුව? කාටද කියනෙනේ මේ විපත්තිය?

දැන් මැති ඇමතිවරු කුඩු ගේනවා. පොලීසිය කුඩු විකුණනවා. වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිතුමා කුඩු විකුණලා අහු වෙලා, එයාගේ නෝනත් අහුවෙලා. මේක හොඳ ජාවාරමක් යන්නේ. ආණ්ඩුවෙන් ගේනවා, පොලීසියෙන් කුඩු විකුණන
ගතවූ පැය 48ක කාලය තුල පමණක් පොලීසිය විසින් ගංජා වැටලීම් 272ක් සිදුකර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙවැනි වැටලීම් වලින් 2011 වසරේ සිට මේ දක්වා ගංජා කිලෝ 180,000ක් හා සැකකරුවන් ලක්ෂයක් අත් අඩංගුවට ගෙන තිබෙන බවයි ඔහු පවසන්නේ. එම වීඩියෝව පහතින්.

රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේත් එතනෝල් කන්ටේනරයත් අත් අඩංගුවට ගත්තා. 

කොටගේන ප්‍රදේශයේ ආයතනයක තිබූ නමකට එය ආනයනය කර තිබුණා. සොයාගන තිබූ එතනෝල් ප්‍රමාණය බැරල් 80ක් වේ

මේ වනවිට රේගුව විසින් අල්ලාගත් එතනෝල් කන්ටේනර් ගණන මෙසේය.

2013 මාර්තු 13- එතනෝල් කන්ටේනර් 2යි- බැරල් 310යි- ලීටර් 62,000
2013 දෙසැම්බර් 07- කන්ටේනර් 07යි- බැරල් 392යි- ලීටර් 74,000යි
2013 දෙසැම්බර් 21- කන්ටේනර් 01යි- බැරල් 80යි- ලීටර් 16,000යි
2014 ජනවාරි 07- කන්ටේනර් 01යි- බැරල් 80යි- ලීටර් 16,000යි


Sunday, 5 January 2014

කුඩු ලොක්කන්ට සැලියුට් ගසන අතරේ සොක්කන් අකුලන් යන හැටි

රටටම පිළිලයක් වූ වූ මත්ද්‍රව්‍යය බෙදාහරින දේශපාලකයන්ගේ සරම පල්ලේ වැඳ වැටෙන, සැලියුට් ගසන ලංකාවේ පොලීසිය එම කුඩු ව්‍යාපාරය සිදුකරන දේශපාලඥයන් විසින් තරුණ පරපුරට කුඩු බෙදීමෙන් අනතුරුව ඔවුන් සතු කුඩු අල්ලන්නේ තිරිසනෙකු කුදලාගෙන යාමටත් අන්ත ලෙසය.

කුඩු ලොක්කෝ නිදැල්ලේ සමාජ වරප්‍රසාද ලබද්දී කුඩු මාෆියාවට ඇබ්බැහි වූ තරුණ පරපුරට සමාජයේ අත්වන්නේ අන්ත දුක්ඛිත ඉරණමකි.

පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ තරුණයෙකු මත්ද්‍රව්‍යය තබාගෙන හසුවී ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ආකාරයයි. සිය දෙමාපිය සොහොයුරිය ඉදිරියේ පොලිසියේ කුණුහරුප අසමින් ඔහුට පොලසි රථයට නැගීමට සිදුව ඇත. 


ඔහු සිදුකර ඇත්තේ වරදකි. නමුත් මෙයට වඩා දහස් ගන්නනින් කුඩු මෙරටට ගෙන්වන්නෝ සහ බෙදාහරින්නෝ සිටි. ඔවුන්ට නීතිය මෙසේ ක්‍රියාත්මක නොවන්නේ මන්ද?

සෑම විටම සිදුවන්නේ පහත තැනින් ජලය ගලා යෑම මෙන් පොලිසියේ අසහනයද පීඩිත පන්තියෙන් පිටමන් කිරීමය.

එම වීඩියෝව බලන්න පහතින්.

http://www.youtube.com/watch?v=ZyXA2Vtdq94#t=137