Monday, 17 October 2011

භාරතගේ ඝාතනයට මර්වින් සිල්වාත් සම්බන්ධ වෙලා

භාරතගේ ඝාතනයට මර්වින් සිල්වාත් සම්බන්ධ වෙලා 

ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අමාත්‍ය මර්වින් සිල්වා මහතාද සම්බන්ධව සිට ඇති බව මේ වන විට තහවුරු වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය. 
මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමට තොරතුරු රැසක් හෙළිදරව් වී ඇතත්, එම තොරතුරු හෙළිදරව්වීම වළක්වා ගැනීමට ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු යොදා ඇති බවත් එම අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ඝාතන සිද්ධියෙන් පසු ඉන්දියාවට පළා ගිය පාතාල සාමාජිකයන් දෙදෙනා මර්වින් සිල්වා අමාත්‍යවරයාගේද හිතවතුන් වන අතර, සිද්ධියට දින කිහිපයකට පෙර ආරක්‍ෂක ලේකම්වරයා හරහා ඔවුන් දෙදෙනාට වීසා ලබා ගැනීමට කටයුතු කර ඇත්තේද මර්වින් සිල්වා මහතාය.
මුල්ලේරියාව සිද්ධියෙන් පසු සිංගප්පූරුවට පලා ගොස් රෝහල් ගත වූ මර්වින් සිල්වා අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද (17) පස්වරුවේ යළි දිවයිනට පැමිණීමට නියමිතය