මහින්ද ජනඝාතකයෙක් -වික්‍රමබාහු
විටින් විට පැමිණි සිංහල ජාතීවාදී ආණ්ඩු විසින් කරන ලඳ අහිංසක දෙමල ජනඝාතනයට විරෝධය පෑම සඳහා මම අද ලංඩන් නුවරට පැමිණියෙමි.මහින්ද ආණ්ඩුව අවසාන දෙමල ජන ඝාතක සිංහල ආණ්ඩුව වුනත් අඩුම අයනම් නෙවෙයි කියලා මම කියන්න කැමති. දෙමල අයට විතරක් නෙවෙයි, දුප්පත් සිංහල මව් වරුන්ටද තමන්ගේ දරුවන් අහිමි වුනා.ඒ මහින්ද ජාතීවාදී ආණ්ඩුව ඔවුන්ව දෙමල නිජබිමට එරෙහිව ප්‍රචන්ඩත්වය දියත් කිරීමට උතුරට යැවීම නිසයි.සිංහල ජනතාවට අයිති නැති,විදේශික ඉඩම් වන උතුරු නැගෙනහිර බිම් ආක්‍රමණය සඳහා මේ සිංහල තරුණයන් නිකරුනේ සිය දිවි දුන්නා. සරත් ෆොන්සෙකා නැමති දෙමල ජනතාවගේ වදකයා අද දෙමල දේශපාලන සිරකරුවන් සමග සිරගත වී සිටීම දෛවයේ සරදමක් ලෙස මම දකිනවා.ඒ විතරක් නෙවෙයි, මහින්දව යුද්ධය කරා ඇදගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණත් අද මහින්දගේ දඩයමක් බවට පත් වෙලා.ඔවුන් විසින් බිහිකරපු යක්ෂය වන මහින්ද ඒකාධිපතියා ඔවුන්ව ගිලගනිමින් , පෙලමින් සිටිනවා. උතුරු නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර දෙමල ජනතාවට අපාරාධ කරපු සිංහල ජාතිවාදි නායකයන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට නව සමසමාජ පක්ෂය කැපවීමෙන් ක්‍රියාකරනවා.මේ සඳහා දවසෙන් දවස දේශීය සහ විදේශිය බලවේග අද අපවටා එක්වමින් සිටිනවා.