Saturday, 11 December 2010

දයාසිරි තමාට සිදුවූ ලිංගික හිංසා ගැන කතා කරයි





දයාසිරි තමාට සිදුවූ ලිංගික හිංසා ගැන කතා කරයි

එක්සත් ජාතික පක්ෂයේ සිට පසුගිය දා රජයට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු වූ දයාසිරි ජයසේකර, තමා පක්ෂයෙන් ඉවත්වීමට හේතුවක් ලෙස පක්ෂයෙන් සිදුවූ ලිංගික හිංසා ද හේතුවක් බව සඳහන් කරනු ලැබුවා.

මෙම කරුණ ආන්දෝලනාත්මක එකක් වූ අතර එයට පිළිතුරු ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා විමසා තිබුනේ එම ලිංගික හිංසා සිදුවී තිබුනේ කාන්තාවකගෙන් ද ? පිරිමියෙකුන් ද ? යන්න තමා නොදන්නා බවයි. 


මෙයට ප්‍රථම 2011 වසරේ නොවැම්බර් මාසයේදී එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් විපක්ෂනායකවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකොට තිබුනේ විපක්ෂ නායකවරයා විසින් තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බලහත්කාරයෙන් සමලිංගික ක්‍රියාවලට පොළොඹවා ගත් බව පවසමින්. 


මෙම චෝදනා පත්‍රයේ අඩංගු කරුණු අතර මාතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා වෙත විපක්ෂ නායකවරයා විසින් තමා සමග අයුතු සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට බලකර ඇති අතර එයට විරුද්ධත්වය දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපීමට විපක්ෂ නායකවරයා විසින් කටයුතු කර ඇති බව පෙන්වා දී තිබුණි.

එයට අමතරව පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදවලදීද දයාසිරිගේ පක්ෂ මාරුව පිලිබඳ ඩිලාන් පෙරේරා ඇමැතිවරයා විසින් සිදු කරන ලද කතාවකදී "Gigolo" යන වචනය රනිල් වික‍්‍රමසිංහ වටාසිටින මන්ත‍්‍රීවරුන් හැදින්වීමට යොදාගන්නා ලදී. එම වචනයෙහි සිංහල අරුත වන්නේ "පිරිමි ගණිකාව" යන්නයි.

කෙසේ නමුත් දයාසිරි ජයසේකර පක්ෂය මාරුවෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදී ප්‍රකාශ කල "ලිංගික හිංසා" පිලිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් දයාසිරි ජයසේකර විසින් ඊයේ දිනයේදී (05) දෙරණ රුපවාහිනියේ 360 වැඩසටහනට සහභාගී වෙමින් පැහැදිලිකරනු ලැබුවේ මෙලෙසින්

දයාසිරි : මේක සේක්සුඅල් හැරෙස්මන්ට් කිව්වේ, මේක වැරදියට සමහර තේරුම් අරන් තිබ්බ..මන් දැක්ක ජෝන් අමරතුංග මහත්තය කියල තිබුනා "මේක ගෑනු කෙනෙක්ගෙන්ද පිරිමි කෙනෙක්ගෙන්ද ආවේ" කියල..මම කිව්වේ මෙහෙමයි දිල්කා..සමහර අය මේක තේරුම් අරන් තිබ්බේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ ලිංගික සහකරුවන් නිසා බුද්ධික පතිරණ මහත්තයටත් මටත්, සෙක්ස් නැත්නම් ලිංගිකත්වය නිසා අපි දෙන්නට හැරෙස්මන්ට් වලට ලක්වෙන්න සිද්ද වුනා..

දිල්කා : කැපිල්ලක් උනා කියලද , ලිංගික කැපිල්ලක් සිදු උනා කියලද කියන්නේ? 

දයාසිරි : ඔව් ඉතින් එක තමයි..ඒ කැපිල්ල ආවේ ඒ විදියට තමයි.. ඒ කියන්නේ තමන්ගේ සහකරුවෙක් බේරගන්න ක්රියාකරනකොට යම්කිසි පුද්ගලයෙක්, එතකොට ඒ ලිංගික සහකරුවන් සමග තරඟයේ දී සිටින තමාගේ දිස්ත්‍රික්කයේ අයට ලැබෙන කැපිල්ලට කියන්නේ හැරෙස්මන්ට් එකක් තමයි..

එක ලිංගික වශයෙන් සිද්ද වෙන්නාවූ යම්කිසි හැරෙස්මන්ට් එකක්...නේ? එහෙමනේ වෙන්නේ.. ලිංගිකත්වය මත පදනම් වෙච්ච හැරෙස්මන්ට් එකක්..

දිල්කා : ඔබතුමාත් ඒ තරඟයේ දී සිටියාද ? (සිනාසෙමින්) 

දයාසිරි : නෑ නෑ.. තරඟයේ යෙදි සිටියා කිව්වේ? 

දිල්කා : ඔය කියන තරඟයේ ඔබතුමාත් යෙදිලා සිටියද?

දයාසිරි : මන් තරනග්යේ ඉන්නේ නැහැ කොහමත්.. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි..ඒ සහකරුවන්ට උදව් කරන්නට යාමේදී ඔවුන් සමග තරංග කරන තව තරඟකරුවන් ඉන්නවනේ..ඒ තරඟකරුවන්ට හිමිවන්නේ ඒ හැරෙස්මන්ට් එක..එතකොට එක ඇත්ත වශයෙන් සිදුවන ලිංගිකත්වය නිසා ඇතිවන හැරෙස්මන්ට් එකක්..දේශපාලන පලිගැනීමක් නෙවෙයි. ඇත්ත වශයෙන් 

ලිංගිකත්වය නිසා සිදුවන කැපිල්ලක්.

එක මේ දේශපාලන වශයෙන් සිදුවන කැපිල්ලක් නම කිසි ගැටළුවක් නැහැ මම ඉවසනවා..මේක අතිශය පෞද්ගලික තමාගේ සහකරුවන් ගලවාගැනීම, ඔවුන් ඉහලට ඔසවා තැබීමට ගෙනිච්ච ව්‍යාපාරයේ ප්‍රතිඵලය තමයි දයාසිරි ජයසේකරටත් බුද්ධික පතිරණරටත් මේ ඉරණම අත්වුයේ.

එම වීඩියෝව පහතින්.



Saturday, 6 February 2010

මහින්ද ජනඝාතකයෙක් -වික්‍රමබාහු

මහින්ද ජනඝාතකයෙක් -වික්‍රමබාහු 




















විටින් විට පැමිණි සිංහල ජාතීවාදී ආණ්ඩු විසින් කරන ලඳ අහිංසක දෙමල ජනඝාතනයට විරෝධය පෑම සඳහා මම අද ලංඩන් නුවරට පැමිණියෙමි.මහින්ද ආණ්ඩුව අවසාන දෙමල ජන ඝාතක සිංහල ආණ්ඩුව වුනත් අඩුම අයනම් නෙවෙයි කියලා මම කියන්න කැමති. දෙමල අයට විතරක් නෙවෙයි, දුප්පත් සිංහල මව් වරුන්ටද තමන්ගේ දරුවන් අහිමි වුනා.ඒ මහින්ද ජාතීවාදී ආණ්ඩුව ඔවුන්ව දෙමල නිජබිමට එරෙහිව ප්‍රචන්ඩත්වය දියත් කිරීමට උතුරට යැවීම නිසයි.සිංහල ජනතාවට අයිති නැති,විදේශික ඉඩම් වන උතුරු නැගෙනහිර බිම් ආක්‍රමණය සඳහා මේ සිංහල තරුණයන් නිකරුනේ සිය දිවි දුන්නා. සරත් ෆොන්සෙකා නැමති දෙමල ජනතාවගේ වදකයා අද දෙමල දේශපාලන සිරකරුවන් සමග සිරගත වී සිටීම දෛවයේ සරදමක් ලෙස මම දකිනවා.ඒ විතරක් නෙවෙයි, මහින්දව යුද්ධය කරා ඇදගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණත් අද මහින්දගේ දඩයමක් බවට පත් වෙලා.ඔවුන් විසින් බිහිකරපු යක්ෂය වන මහින්ද ඒකාධිපතියා ඔවුන්ව ගිලගනිමින් , පෙලමින් සිටිනවා. උතුරු නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර දෙමල ජනතාවට අපාරාධ කරපු සිංහල ජාතිවාදි නායකයන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට නව සමසමාජ පක්ෂය කැපවීමෙන් ක්‍රියාකරනවා.මේ සඳහා දවසෙන් දවස දේශීය සහ විදේශිය බලවේග අද අපවටා එක්වමින් සිටිනවා.